Wednesday, March 9, 2011

" පිපි මල්මතින් පියමං කලෝ............3

පිපි මල්මතින් පියමං කලෝ............1

පිපි මල්මතින් පියමං කලෝ............2




නෑහ්........ඉතිං? .........ඒ යකා මලාද? "

" නැහැ, නැහැ, මලේ නැහැ, මිනිහට වදින්ඩ නෙවෙයි වෙඩි තිබ්බෙ, අහකට, බය කරන්ඩ, ඒ මිනිහ මම හිතන්නෙ බයටම බාගෙට මැරුනා, වැටි වැටි දිව්වෙ, හැබැයි අද නම් මොකිං මොකක් වෙයිද මන්දා, මොකද ඔය මහත්ත
යා අර උණ පඳුරට මාර ආදරෙයි, හැමදාම කොලයක් ගානෙ අත ගානවා, ඒකත් එක්ක කථා කරනවා, එක වැඩයි "

ඔන්න දැන් ඔබ පුල පුල බලා සිටි ඒ උද්වේග
කර අවස්ථාව උදාවන ඒ අසිරිමත් මොහොත, ...............විශ්‍රාමලත් උසස් පොලිස් නිලධාරීතුමා උදෑසන මුහුණ කට දොවා සුපුරුදු පරිදි සඳලු තලයේ උදෑසන ලහිරු කැන් දහරාවන්හි පහස විඳිමින් දිනපතා ප්‍රවෘත්ති පත්‍ර කියවීම පිනිස සැපත් වන මොහොත උදා වූ....................වගා....යි!!!

සමරෙ තමයි මුලුන්ම දැක්කෙ," ඔන්න ආවා, ඔන්න ආවා " බොහොම හෙමිහිට මිගාරට කිව්වා,

" කෝ බං මට පෙනෙන්නෙ නැහැනෙ , බැල්ක
නියෙ මොන යකෙක් වත් නැහැනෙ "

" ඔය දාගෙන ඉන්න එකත් එක්ක මෙලෝ දෙයක් පෙනෙ
යිය? ඕක ගලෝල බලන්ඩකො "

" අප්පට සිරි, අර ඉන්නෙ පොරද? "

" ඔව්, ඔව්, තාම වැඩි හෝදිසියක් නැහැ, පත්තරේ බල බල නෙව ඉන්නෙ, කෝකටත් සර් අපි කට්ටිය හෙමි හිට ගේට්ටුව පැත්තට කිට්ටු කරන එක ඇඟට ගුණවෙයි මට නම් හිතෙන්නෙ, "

ඉතින් ඔහොම ආතතිය සපිරි මිනිත්තු කිහිපයක් ගෙවිල ගියා, අපේ කට්ටිය උඩට ගත් හුස්ම පහලට නොහෙලා බලා ඉන්නවා උ.පො.නි. තු
මා දිහා, වැඩත් ඔක්කොම නැවතිලා, මේ අමුත්ත තේරිලාමද කොහෙද එතුමා පත්තර බැලිල්ල නවත්තල බැලුව මොකද මේ කට්ටිය වැඩ ඔක්කොම නවත්තල බලා ඉන්නෙ කියලා,
බැලුවා තමයි, එතුමා පුටුවෙන් නැගිට්ටා නෙවෙයි උඩ පැනල නැගිට්ටවිලා

" Oh, my god, what the f*** have you done to my garden?, sweet jesus, you fools , you have totally destroyed it, I am going to kill each & every one of you personally, that's a promise " කියලා මරහඬ දුන්නා,

මිගාර ඇහුවා සමරෙගෙන් " සමරෙ අයියා, මොනවද අර ලොක්ක වෙඩි කාපු ඌරෙක් වගෙ බෙරිහන් දෙන්නේ"

" මම කොහොමද දන්නෙ? සර්ටත් තේරෙන්නෙ නැත්නම් මට තේරෙන්නෙ කොහොමද? මොක උනත් කෑගහන විදිහට හොඳ දෙයක් නම් කියනව වෙන්න බැහැ, තාම අවුලක් නැහැ, අතේ තුවක්කුව නැහැනෙ "

" සමහර වෙලාවට තුවක්කුව කැඩිල වෙන්ඩත් පුලුවන් නේද? " මිගාරගෙ මූණෙ දිලිසෙන, හීන් සහ මහ දාඩිය යන දෙවර්ගයම අතරින් හිනාවක් මතු උනා,

" නෑ, ඔය ලොක්ක ගාවා තුවක්කු එකක්ම නෙවෙයි, මම හිතන විදිහට දෙක තුනක් වත් අඩු ගණනෙ තියනවා " හිනාව මතු උනාට වැඩිය ඉක්මනින් එහෙම්මම මැකිල ගියා,

ලොක්කා ඊට පස්සෙ බැල්කනියෙ වැටෙන් පාතට එබිලා,මිගාර පියමං ක
ල මඟ ඔස්සේ ඇස් විහිදුවමින් තැලී පොඩි වී ඇති මල් වර්ග වල නම් එකින් එක කියන්න පටන් ගත්තා

" See.. that's a very expensive geranium, ....
. Some fool had trampled it,....OMG, what I have done to deserve this? "

" සර්, දැන්නම් එන පොට හොඳම නැහැ, ඔය තාම උණ පඳුර දැකල නැතුව ඔහොම බෙරිහන් දෙන්නෙ, කෝකටත් තෛලය කියල ගේට්ටුව පැත්තට පහු බහිමු,ඔය සුරේ තියෙන්නෙ හෙණරාජ තෙල වත්ද? " සමරෙ ඇහුවෙ මිගාර එල්ලන් හිටපු සුර රාජයා දැකල,

" පිස්සුද බං මොන හෙණ රාජයක්ද? මේක මේ මම හීනෙං බය වෙනවට එල්ලාපු එකක්," මිගාරත් ටික ටික සමරේ අනුගමනය කරමින් ගේට්ටුව දිහාවට Withdraw වෙන ගමන් උත්තර දුන්නා,

ඔන්න මේ මොහොතේ නිලධාරී තුමා දැක්කා එතුමාගෙ සදාදරණීය උණ පඳුර, හරියටම කිව්වොත් තිබ්බ උණ පඳුරෙන් ඉතිරි වෙලා තියෙන නෂ්ඨාවශේෂ,

ඒක දැකල එතුමා පිට කරපු වේදනාබර විලාපය සංවේදී හදවතක් තියන ඕනෑම කෙනෙකුගෙ ලොමු දැහැගන්වන සුලුයි කියලයි මේ කතාව මට කියාපු පුද්ගලයා කිව්වෙ,

උණ පඳුර දැකල ලොක්ක මුලින් විලාප තිබ්බ, ඊට පස්සෙ ජම්බෙ වගෙ රතු උනා, උපරිමත් තවත් ටිකක මල, කොටිම්ම ඉන්ගිරිසුත් අමතක උනා,සිංහලෙම්ම තමයි ඊට පස්සෙ,

" දෙයියෝ සාක්කි, මගෙ තායිලන්තෙන් ගෙනාපු උණ ගහ, මේ **** පුතාල ඒකත් කපල දාලනෙ, හිටපියව් අද මම තොපි මරා ගෙන මැරෙනව, කෝ මගෙ තුවක්කුව? ............ ඩොරීන්......ඩොරීන්....... කෝ මගෙ තුවක්කුව ? " කියල ගෙට දිව්ව විදිල්ල වාගෙ,

ඩොරීන් කිව්වෙ ලොක්කගෙ හාමිනේ,

" ලොක්ක උණ පඳුර දැක්කයිං එක වාසියක් උනා " මිගාර කියනවා,

සමරෙ බලන් ඉන්නව මේ මනුස්සයගෙ මොලේ කොලොප්පංද කියල හිතාගන්ඩ බැරුව, ඇයි අර මිනිහ උණ පඳුර දැකල වෙඩි කෑ ඌර වගෙ කෝපාවිෂ්ඨ උනා, මෙයා මෙතන වාසියක් ගැන කතා කරනවා,

" මොකක්ද ඔය වාසිය?, මට නම් තේරෙන්නෙ නැහැ"

" ඇයි බං, දැං මිනිහ සිංහලට බැස්සනෙ, අඩු ගනනෙ දැං කියන එක වත් තේරෙනවනෙ ඒකයි මම කිව්වෙ, දැං ඔන්න අපි දන්නව මිනිහ නොවැරදීම වෙඩි තියන්ඩයි යන්නෙ කියල,ඒක අපිට වාසියක් නෙවෙයිද? අනික මම නම් හිතන්නෙ නැහැ ඔය කිව්වට ඔය මනුස්සය වෙඩි තියයි කියල,ඔය නිකම් බය කරන්ඩයි ඔහොම කියන්නෙ "

" සර් දන්නෙ නෑනෙ ඔය වසවර්තියගෙ හැටි,මට නම් බුදු ෂුවර් අද මෙතන මොකක් හරි මහා ජංජාලයක් වෙලා තමයි කෙලවර වෙන්නෙ, කොල්ලනේ, කෝකටත් ඔය අනාපු බදාම ඔහොම්මම තියල තම තමන්ගෙ ගන්ඩ පුලුවන් දෙකුත් අරගෙන හෙමීට ගේට්ටුව පැත්තට ලංවෙන එක තමා නුවණට හුරු "

ඔන්න එතකොටම ලොක්ක මතු උනා පල්ලෙහා දොරෙන්, තුවක්කුව අතේ, "හිටපියව්, දුවන්ඩ එපා, වෙඩි තියනවා" ලොක්ක කෑගහනවා,වයිෆ් සහ දුව අත් දෙකේ එල්ලිලා," Calm down daddy, please calm down " ඒ දෙන්නත් කෑගහනවා,අහවල් කාම් ඩවුන්, ලොක්ක මාරාවේශ වෙලා ඉන්නෙ,


මේ සීන් එක දිහා තුස්නිම්බූත වෙලා බලාහිටපු සමරේ මිගාර දිහාට හැරුනා,

" සර් දැන් අපි............."
මොන, මිගාර හිටපු තැන මොකෙක් වත්ම නැහැ, පාරෙ ඈත දූවිලි වලාවක් විතරක් තිබුන ඔන්න,

ඉතින් ඊට පස්සෙ සමරෙ සහ ගෝලයො ටිකත් පණ එපා කියල දිව්ව අර දූවිලි වලාව පාවෙන දිහාවට,දුවල පණ බේරගත්තා,

මෙතෙන්ට එනකල් සිද්ධීන් දාමය මතභේද රහිතයි, හැමෝම පිළිගන්නව මේ විදිහට තමයි උනේ කියල,
මෙතනින් පස්සෙ වෙච්ච දේ ගැන නම් පොඩි.....ඇත්තටම පොඩි නෙවෙයි ලොකු මතභේදයක් තියෙනවා, ඒ කියන්නෙ අර්ථකථන (Versions ) දෙකක් තියෙනවා,

මේ මිගාරගෙ Version එක -

" මොන පිස්සුද මචං වෙඩි තිබ්බෙ නැහැ, එහෙම කොහොමද එයා වෙඩි තියන්නෙ, එයාට ගිය රට එහෙනම්, හුහ්,මම අර අපේ කොම්පැනියට ප්‍රශ්නයක් වෙයි කියලයි හෙමිහිට ෂේප් උනේ, නැත්නම් මම පෙන්නනව උන්දැට මිගාර කියන්නෙ කවුද කියල "

මේ සමරෙගෙ Version එක -

"නැහැ සර් අනිවාර්යයෙන් වෙඩි තිබ්බා, මිගාර මහත්තය සමහර විට වෙඩි තියන වෙලාවෙ සද්දෙ නෑහෙන තරම් දුරකට Withdraw වෙලා ඉන්ඩ ඇතිද නම් මම කියන්ඩ දන්නෙ නැහැ, වෙඩි තිබ්බා, හොඳ වෙලාවට අපෙ ආමි එකේ ඉන්න අයියා ගෙදර ආපු වෙලාවක මට කියල තිබ්බ වෙඩි තියන වෙලාවක Withdraw වෙන හැටි, ඉතින් මිගාර මහත්තයා කලිම්ම නොකියම Withdraw වෙලා තිබුනු නිසා අපි කට්ටිය අයිය කිය දුන්නු Zig zag ක්‍රමයට withdraw වෙලා අතුරු ආන්තරාවක් නොවී බේරුනා,"

පසු කථාව - උසස් පොලිස් නිලධාරී මහතාගේ ගෙවත්තට සිදුවී තිබුනු අලාභහානි සඳහා සුදුසු පරිදි පිළියම් කිරීමෙන් පසු වෙනත් කණ්ඩායමක් යොදවා එම ව්‍යාපෘතිය නිමකරන ලදී.

12 comments:

  1. අපොයි ඔයින් ගියා මදෑ..

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. හයියෝ..හූ.. මාර බයගුල්ලෙක් නෙ වීරය වගෙ ගිහින් තියෙන්නෙ මල්ගසුත් තලාගෙන...(මම තව චුට්ටෙන් මැරෙනව නිශ්ශබ්ද ව හිනාවෙන්න ගිහින්..)

    ReplyDelete
  4. මදැයි! රාළහාමිට බයේ දුවපු ඈයො වගේම මේක කියවපු මමත් මේ මෙතන ඉඳං මහන්සි අරිනවා. කතන්දරේනම් ඒ තරමටම උද්වේගකරයි!

    ReplyDelete
  5. හප්පේ මම හිතුවා අදනම් නඩුවක්ම තමයි කියලා ..

    යන්තම් ගොඩ ගියා

    ReplyDelete
  6. අනේ හැබෑ අපරාදේ ලස්සන මල් ටික. මට නම් දුකේ බෑ. මට හිතෙන්නේ මිගාරට වෙඩි වදින්නත් ඇති එච්චරම නපුරු නැති තැනකට...

    ReplyDelete
  7. උන්න හැටියට මළා මැදැයි ! ලොක්කට විරුද්ධව නඩු දාන්න තිබුනෙ මරණ තර්ජනේ දැම්ම කියල. ඒත් ඉතිං පැමිනිල්ල දාන්නෙ යන්න වෙන්නෙත් පොලීසියටමනෙ නේද.

    ReplyDelete
  8. රූප ටිකනම් මැවෙනවා බොහොම ලස්සනට ලොක්කගේ මල්වත්තේ ඉදන් බලන් හිටිය වගේ දැනෙනවා... :)

    ReplyDelete
  9. පිණිබිඳු,
    තනෝජා රාජපක්ෂ,
    චේජනා,
    සිතුවිලි සිත්තමට නැඟෙනා කවි පොත,
    Podi Kumarihami,
    Nawammawatha,
    නොම්මරේ,

    ඔයාල හැමෝටම බොහොම ස්තූතියි, කතාව රස වින්දානම් ඒ මට හොඳටම ඇති, Thanks My Friends, Thanks Again

    ReplyDelete
  10. මම මේ අහන්න හැදුවේ කතාවේ ඉතුරු ටික ලියන්නේ නැද්ද කියලයි..
    දැනුයි දැක්කේ ලියලත් ගොඩක් දවස් කියලා.
    කොහොමද මංදා මඟ ඇරුනේ

    ඇත්තටම රස වින්දා මම නම්.
    තවත් ලියන්න ලැබේවා මේ වගේ ත්‍රාසජනක කතා :D

    ReplyDelete
  11. nimanthi,

    Better late than never,

    Thanks,

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...