Friday, March 20, 2015

309. විමලෙගෙ වාංපතුල් කතා - 29 - සරෝජිනීට නවාතැනක් සමඟ නීතිඥ ගාස්තු ගැන කතාවක්



" පුතා අර ළමයගෙ ගෙවල් කොහෙ කියලද කිව්වෙ?.." එක පාරට මම ගැස්සිල ඇස් ඇරියෙ අම්මගෙ කටහඬින්..

" මොන ළමයගෙද? …" අම්ම අහන්නෙ කවුරුගැනද කියල හොඳටම දන්නව වුනත් මම නොදන්නව වගෙ ඇහුව..

" අර සුරේගෙ දුව……."

" මම ඔව්ව අහන්ට ගියේ නෑ අම්ම….." මම කෙලින්වෙලා ඇඳේ ඉඳගත්ත. 

" හරි මට දැන් මතකයි සුරේලගෙ ගෙවල් මේ හෙම්මාතගම පැත්තෙ…."

" ආ එහෙමද? ….මම ටිකක් ඇහැ පියාගන්ට ඕන අම්මෙ..හවස ආයෙම යන්ටත් එපාය…" මම පොත වහල මේසෙ උඩ තියල අනික් පැත්ත හැරිල ඇස්දෙක පියාගත්ත.

එදා නයිට් ෂිෆ්ට් එක කලේ වෙන නර්ස්ල දෙන්නෙක්. දවල් අම්මා ආපු වෙලාවෙ අම්මත් කලින් නර්ස් කෙනෙක්ය කියල මම හිතන්නෙ විස්තරේ කියන්න ඇති. ඒ නර්ස්ල දෙන්නම අප්පච්චි ගාවට ඇවිල්ල බොහොම උනන්දුවෙන් විස්තර එහෙම ඇහුව. ඕන දෙයක් එහෙම තියනවනම් කියන්න කියලත් කිව්ව. කොහොමත් ඔය ආණ්ඩුවෙ තැනකින් වැඩක් හරියට කරවගන්ටනම් දැනඇඳුනුම් කමක් තියෙන්නම ඕන.නැත්තං ඉතිං ගාණක් මිටමොලවන්ට ඕන.ඒ දෙකෙන් එකක්නම් ඕනම තමයි.

අප්පච්චිටත් ඊයෙට වඩා හුඟක් ගුණයි වගෙ. ඇඳේ ඉඳගෙන එහෙම සෑහෙන වෙලාවක් හිටිය. ඊයෙ ඇඳේ හරහ වැටිච්චි ගමන්මනෙ දවසම හිටියෙ. 

" අද නම් මට සෑහෙන ගුණයක් දැනෙනව පුතා.." අප්පච්චි මා දිහා බලල එහෙම කියල හිනාවුනා. 

" ඒකතමයි අප්පච්චි මම හිතන්නෙ දෙයියන්ගෙ පිහිටෙන් තව දවස් හතර පහකින් ගෙදර ගිහෑකි. "

" දවල් අර මෙඩිකල් ස්ටුඩන්ට්ස්ල ආවෙ නැද්ද එහෙන් මෙහෙන් අනින්ට එහෙම? ..හිහ්..හිහ්.."

මම හිනාවෙවී එහෙම ඇහුව. අප්පච්චිටත් හිනා…

" නෑ..නෑ..අද ආවෙ නෑ..මෙහෙටත් එනවද? "

" ඔව් මම හිතන්නෙ පේරාදෙණියටයි මෙහෙටයි දෙකටම එනව. "

ඔය කලින් පාරක් අප්පච්චි පේරාදෙණිය හොස්පිටල් එකේ නවත්තල ඉද්දි වෙච්ච වැඩක්. ඔය මෙඩිකල් ෆැකල්ටි එකක් කිට්ටුව තියන හොස්පිට්ල් එකකට තමයි වෛද්‍ය ශිෂ්‍ය / ශිෂ්‍යාවො තමන්ගෙ ප්‍රායෝගික පුහුණුවීම් වලට එන්නෙ.ඒ රෝහල් වලට කියන්නෙ ශික්ෂණ රෝහල් කියල. කොළඹ, මහනුවර, රාගම, කරාපිටිය, අනුරාධපුරේ, එව්ව ඔක්කොම ශික්ෂණ රෝහල් ගණයට වැටෙන්නෙ.

ඉතිං අප්පච්චි එක පාරක් පේරාදෙණියෙ ඉන්දැද්දි ....මමයි එතකොටත් ලඟ හිටියෙ. ඔය මෙඩිකල් ස්ටුඩන්ට්ස්ල කෙල්ලො කට්ටියක් ඇවිල්ල බඩට පපුවට පිටට එහාට මෙහාට ඇනල " අන්කල් දැන් රිදෙනවද? කොතනද රිදෙන්නෙ? " ඔන්න ඔහොම විස්තර අහගෙන ලියාගන්නව. 

ඔය එහාට මෙහාට ඇනිල්ලෙන් සහ ඊට පස්සෙ අහන පුරස්න වලට උත්තර දිවිල්ලෙන් අප්පච්චිට යකු නැඟල හිටියෙ. අන්තිමට ඉවසල ඉවසල බැරිම තැන අප්පච්චි කෑගැහුව. " එහාට මෙහාට ඇඟිල්ලෙං ඇන්නම රිදෙන්නෙ නැද්ද ළමයි? ඔය ළමයිත් මොනව අහනවද මන්දා.. " කෙල්ලො කට්ටිය පස්සට වීසිවුනා. මට මැරෙන්ඩ හිනා. 

" හරි හරි අප්පච්චි තරහ ගන්ට එපා. ඒ ගොල්ලො ඔය ඉගෙන ගන්න අයනෙ.." මම එහෙම කියල අප්පච්චිව කාම් ඩවුන් කලා.

" ඉගෙන ගන්නව තමයි..හුහ්……." ඔන්න ඔහොම තවත් මොනවද තොල් මතුරමින් අප්පච්චි ඇඳේ අනික් පැත්තට හැරිල ඇස් දෙක පියාගත්ත.

අර කෙල්ලො ටික ලෙඩ්ඩු පරික්ෂා කරල ආපහු යන ගමං අපි ඉන්න පැත්තවත් නොබල යන්ට ගියේ. අප්පච්චි ඒ වෙනකොට හොඳටම නිදි..මේ මම ඉස්සරහට ගිහිල්ල එයාලට කතා කලා…" මේ..සමාවෙන්ට ..දන්නෙ නැද්ද වයසක අයගෙ හැටි ඔහොම තමයි. " එයාල මූණිං මූණ බලල හිනාවුනා මිසක කිසිදෙයක් කිව්වෙ නෑ.

" ලෙඩා වෙනුවට බැරිද ලෙඩාගෙ පුතාට එහෙන් මෙහෙන් ඇනල පරීක්ෂා කරන්ට?.....එහෙම පුලුවන් නම් මම ඕන වෙලාවට රෙඩි….." මම ෆුල් සීරියස් පිට කිව්ව. 

" ආ..දැනටනම් අපිට එහෙම ක්‍රමයක් කියල දීල නෑ. එහෙම ක්‍රමයක්  කියල දුන්නු දවසක පණිවිඩයක් එවන්නං.." ඒ කෙල්ලන්ගෙ ලීඩර් වගෙ හිටපු කටකාර කෙල්ල එහෙම කියල හිකි හිකි ගාල හිනාවුනා. අනික් අයත් ඔන්න එක රොත්තට හිනාවෙන්ට ගත්ත. ඉතිං මාස හත අටකට වගෙ කලින් වෙච්චි ඔය සීන් එක මතක් වෙලා මට ආයෙම හිනාගියා.අප්පච්චි ඒ විඩේ දවස් හයක් ඒ ඉස්පිරිතාලෙ හිටිය.

ඉතිං ආයෙම වර්තමානයට ආවොත් අනික් පහුවදා සරෝජිනී ආපහු වැඩට ආව. මම කලින් කිව්වනෙ නයිට් ෂිෆ්ට් එක කලාම එක දවසක් නිවාඩු දෙනවයි කියල. ඉතිං ඒ නිවාඩු දවසට පහුවදා ඒ ළමයා ආපහු වැඩට ආව. රෑ අප්පච්චි ගාව ඉඳල පහුවදා උදේ මම ගෙදර යන්ට සූදානම් වෙනකොට තමයි සරෝජිනී ආවෙ. 

" අහ්..මෝනිං මම මේ ගෙදර යන්න කියල හදන්නෙ? "

" හා..එහෙමද?....කොහොමද අප්පච්චිට? "

" දැන්නම් හුඟක් හොඳයි වගෙ..තව දවස් දෙක තුනකින් ගෙදර ගියෑකි මම හිතන්නෙ…"

එදා දවල් අම්ම අප්පච්චි බලන්ට ඉස්පිරිතාලෙ ගිහිල්ල ආපහු ආවෙ හුඟක්ම හවස්වෙලා. " මගෙ පරණ බැච් මේට් කෙනෙක් හම්බවුනා. එයානම් තාම වැඩ..දැන් සිස්ටර් කෙනෙක්. " අම්ම එහෙම කියාගෙනයි ගෙට ගොඩවුනේ..

එක පාරක් කොළඹ ගිහිල්ල එද්දි වේවැල්දෙණියෙන් අරගෙන ආපු වේවැල් පුටු හයෙන් දැන් ඉතුරු වෙලා තියෙන්නෙ දෙකයි. ඒ දෙකෙත් කකුල් අඩමානෙට. අම්මගෙ කසාදයක් කර නොගත්තු අයිය කෙනෙක් අපි එක්ක ඉඳල අවුරුද්දකට වගෙ කලින් නැතිවුනා. ඒ මාම ඉන්දැද්දි ඔය පුටු කකුල් අම්ම ඉස්පිරිතාලෙන් ගේන සේලයින් බටවලින් තදට ඔතල රෙපයාර් කරනව. ඒත් කාලයක් යනකොට අර සේලයින් බටේ ඇදිල පුටු කකුල ආයෙම හෙල්ලෙන්ට ගන්නව.ඔය පරණ සේලයින් බට වලින් අපි ගත්තු ප්‍රයෝජන අනන්තයි අප්‍රමාණයි. ඉතුරු වෙලා තිබ්බ වේවැල් පුටුවකුත් ලඟට ඇදගෙන අම්ම මම ගාවින් ඉඳගත්ත.

" බලාගෙන අම්මෙ ඔය පුටුවෙ කකුලක් රුයිතෙට නේද තියෙන්නෙ? දැං ඕක කඩාගෙන වැටිල අම්මත් තව එකක් කරගන්නව…"

" නෑ ..නෑ..මේක වැටෙන්නෙ නෑ..මම වැඩිය බරදීල නෙවෙයි ඉඳගෙන ඉන්නෙ….."

" බරදීල නෙවෙයි තමයි. ඔය පුටු කොහොමත් අල්ලල වීසි කරල දාන්ට තියෙන්නෙ. දැං කොච්චරනම් කල්ද? අපි කොහෙ ගිහිල්ල එන ගමන්ද ඔව්ව වේවැල්දෙණියෙන් ගත්තෙ අම්මෙ? "

" මට ඔව්ව මතක නෑ ළමයො...මේ එව්වයිං වැඩක් නෑ.."

අම්ම වටපිට බලල කටහඬ හොඳටම පහත් කරල ඊට පස්සෙ කතා කලේ..වැදගත් කියල අම්ම හිතන මොකක් හරි කියනකොට කියන්ට සූදානම් වෙද්දි අම්මගෙ සිරිතක් ඒක. වටපිට බලල කටහඬ පහත් කරන එක. සමහරවිට මේ අපි දෙන්න විතරයි ගෙදර ඉන්නෙ. ඒත් අර දෙනෝදාහක් මැද්දෙ මහ බලගතු රහසක් කියන්ට යනව වගෙ හැසිරෙන එක නම් එහෙම්මම තමයි. මට ඔය අම්මගෙ ඇක්ෂන් දැක්කම මැරෙන්ට හිනා. 

" අම්ම හොඳයි ටෙලි නාට්ටියක රඟ පාන්ට යවන්ට.." මම එහෙම කිව්වම අම්මත් හිනාවෙනව. 

" ඔව්..මට බැරිත් නෑ. ඕක මොකෝ මහ දෙයක්ය? ඔය අපි කන බොන විදිහට කතාකරන විදිහට ඒ කටයුතු ටික කරන එකනෙ තියෙන්නෙ " අම්ම එහෙම කියනව. ඇත්තත් තමයි වැඩේ බලාගෙන යනකොට.

අම්ම කියන්ට යන්නෙ මොකක්ද කියල හිතාගන්ට බැරුව මම අම්මගෙ මූණ දිහාවෙ බලාහිටිය. 

" මට අද වාට්ටුවෙදි අර ළමය හම්බවුනා. …."

අම්ම කියන්නෙ කවුරුගැනද කියල මම සහසුද්දෙන්ම දන්නව එහෙම උනත් ...මොන ළමයද? කියල අහන්ටත් හදල මම ආයම හ්ම්ම්ම් කියල කරබගෙන හිටිය. 

" ඒ ළමයට මාව මතකයි. " අම්ම එහෙම කියල මගෙ මූණ බැලුව. මගෙන් කිසි ප්‍රතිචාරයක් නැති වුනත් අම්මට ගානක් නෑ අම්මා දිගටම කතාකරගෙන ගියා..

අපෙ අම්ම එහෙමයි. මම අහල තියනව සුද්දන්ගෙ කාලෙ උසාවිවල අනුගමනය කරපු සම්ප්‍රදායක්. ඔය නඩුවක ඉස්සොරෝම නඩුකාරය අහනවනෙ විත්තිකාරයගෙන් "යුෂ්මතා වැරදිකාරයද නිවැරදිකාරයද?" කියල.මනුෂ්‍ය ඝාතන නඩුවකදි "ස්වාමීනී මම වැරදිකාරය"කියල විත්තිකාරය කිව්වත් නිවැරදිකාරය කියල කිව්වයි කියල සටහන් කරගෙන නඩුව ඉදිරියට පවත්වගෙන යනවලු. තවමත් එහෙම කෙරෙනවද කියල නම් මම හරියටම දන්නෙ නෑ. අපේ පාඨකයො අතර ඉන්න ලෝයර් මහත්තුරු, ලෝයර් නෝනල එහෙම ඒ ගැන මොකවත් එහෙම දන්නවනම් කරුණාකර දැනුම්වත් කරනු මැනව. හැබැයි ඒක කිව්වය කියල කන්සල්ටන්සි ෆී එකක් එහෙම ඉල්ලන්ට ලෑස්ති වෙනව එහෙම නෙවෙයි ඔන්න හරිය?...හෙහ්,හෙහ්,

ඔන්න කන්සල්ටන්සි ෆී කියනකොට මරු කතාවක් මතක් වුනානෙ. එක ලෝයර් කෙනෙක්ගෙ ඔෆිස් එක ගාවම අල්ලපු වැටේ තියෙන්නෙ ඔන්න මස් කඩයක්ලු හොඳද? දවසක් මේ මස් කඩේ මුදලාලි දනිපනිගාල දුවගෙන ආවලු ලෝයර්ගෙ ඔෆිස් එකට. 

" මේ මහත්තය මහත්තය….. කාගෙ හරි බල්ලෙක් මගෙ මස් කඩෙන් මස් කෑල්ලක් අරගෙන ගියොත් මට ඒකට බල්ල අයිතිකාරයගෙන් අලාබෙ අයකර ගන්ට පුලුවන්ද? "

" අපොයි මොකද බැරි? අනිවාර්යයෙන්ම පුළුවනි, අනිවාර්යයෙන්ම පුලුවනි, "

" හරි එහෙනම් මහත්තයගෙ බල්ල දැන් ටිකකට ඉස්සෙල්ල මගෙ මස් කඩෙන් මස් කෑල්ලක් අරගෙන පැන්න. "

" හරි ඒ කියන්නෙ ඔහෙට දැන් මගෙන් ඒකට අලාබෙ ඕනෙ කියලනෙ කියන්නෙ. අවුලක් නෑ..මම අලාබෙ දෙන්නම්..කීයද ඔහෙගෙ මස් කෑල්ලෙ වටිනාකම?.."

" රුපියල් 400ක් විතර වෙනව මහත්තය.." මුදලාලි කිව්ව. 

" හරි එහෙමනම් මගෙ නීති උපදේසෙට ගාස්තුව රු. 600 යි. ඒකෙං ඔහෙගෙ මස් කෑල්ලෙ අලාබෙ අඩුකරගෙන ඉතුරු රු 200 මට දීල යනවා. "

රයිට් ලෝයර්ස්ල ගැන ඒ කතාව දැනට මදැයි!...තව තියනව නීතීඥ මහත්තුරු / නෝන මහත්තුරු ගැන කතා එකසිය ගාණට..වෙනම කියන්නං එව්ව..සැරින් සැරේ..විඩෙං විඩේ...

අම්ම දිගටම කතාකරගෙන ගියා කියලනෙ මම කිව්වෙ නේද?...රයිට්...

" ඒ ළමයට මාව මතකයි...මම කිව්වෙ මම සුරේලගෙ ගෙදර ගිහිල්ලත් තියනව කියල..පුතත් මාත් එක්ක ගියා..පුතාට ඇත්තටම මතක නැද්ද? අර කඩ පණහ ඉස්සරහ ඇතුල් පාරෙන් ගිහිල්ල…."

" මට මතක නෑ අම්මෙ….." මගෙ නොරිස්සුම කටහඬෙන්ම තේරෙන්ට ඇති..

" හරි, හරි ඒකෙන් දැන් වැඩක් නෑ...මම ඒ දරුවගෙන් ඉල්ලගෙන ආව ගෙදර ටෙලිෆෝන් නොම්මරේ.."

" මොන? ….."

" මොන කියන්නෙ ?... සරෝජිනීලගෙ ගෙදර ටෙලිෆෝන් නොම්මරේ.."

" අර මොකටද අර? "කුකුළ එන්නෙ වී පැදුර කන්ටයි කියල මම එක පාරටම දැනගත්තත් නොදන්නව වගෙ මම ඇහුව.

" අනුරාධපුරෙන් ආවත් හරි සුරේව හම්බ වුනේ නෑනෙ දැං අවුරුදුම කීයක්ද? මට හිතුන නිකමට වගෙ කෝල් එකක් දීල බලන්ට.."

" ඔව්..අර තියෙන්නෙ ටෙලිෆෝන් එක…. නිකමට වගෙ කෝල් එකක් දීල බලන්ටකො…" මම එහෙම කියල නැඟිට්ට.

" මට මතක තිබුන හරි. සුරේල ඉන්නෙ හෙම්මාතගම තමයි. "

" දැං ඔය ළමය ඔය එහෙ ඉඳලද වැඩට එන්නෙ? " යන්ට ගිය මම සාලෙ උළුවස්ස ගාව නැවතිල ආපහු හැරිල ඇහුව…

" පිස්සුද ඔයාට? හෙම්මාතගම ඉඳල කොහොමද උදේ හවස වැඩට එන්නෙ?.... එයා එනව කිව්වෙ අම්පිටියෙ මාම කෙනෙකුගෙ ගෙදර නැවතිල. "

" ඇත්තද? ඒක හොඳයි " මම ආයෙම යන්ට හැරුන. 

" ඒත් එතන මේ මාසෙන් පස්සෙ ඉන්ට බැරිලු. ඒ ගොල්ලත් ගේ විකුණල දාල යනවලු. මට කිව්ව ආන්ටි ලොකු උදව්වක්ය...පුලුවන්නම් මේ කිට්ටුව එයාට නවතින්ට තැනක් හොයල බලන්ටය කියල. "

" හ්ම්ම්..නිකම්ම කිව්වද? නැත්තං අම්ම බලෙන්ම වැඩේ බාර ගත්තද? "

" ඔන්න කිව්ව කතාවක්..මම මොකටද බලෙන් බාරගන්නෙ?...අනික මට පුලුවන්නෙ මිසිස් තෙන්නකෝන්ගෙන් අහල බලන්ට. එහෙ බෝඩර්ස්ල ඉන්නවනෙ දෙතුන් දෙනෙක්ම. "

අපෙ ගෙදරට මීටර් 500 වගෙ එහා හිටපු තෙන්නකෝන් ආන්ටි බෝඩිමක් කරගෙන ගියා. මම දන්න දවසෙ ඉඳල එහෙ ඉගෙන ගන්න, රස්සාවල් කරන ගෑණු ළමයි හතර පස් දෙනෙක් වැරදුනේ නෑ.

" ආය මිසිස් තෙන්නකෝන්ගෙන් අහන්නෙ මොකටද? අම්මට බැරිය ඒ ළමය මෙහෙ නවත්තගන්ට. "

මුලු සතියෙම අම්මයි අප්පච්චියි විතරනෙ ගෙදර ඉන්නෙ. ඒ කාලෙ වෙනකොට මම සති දෙකකට සැරයක් වගෙ සති අන්තෙට විතරයි ගෙදර ආවෙ. නංගිල දෙන්නම කොළඹ. එයාල නම් හැම සිකුරාදාවකම වගෙ ගෙදර ආව. සඳුද පාන්දර ආපහු යනව. කොහොමහරි සතියෙ දවස් පහේ අම්මයි අප්පච්චියි විතරයි ගෙදර.

අම්ම කටත් බාගෙට ඇරගෙන මා දිහාවෙ බලා ඉඳපු ඉඳිල්ලට මම හිනාව ගිල ගත්තෙ බොහොම අමාරුවෙන්..

" පුතා ඇත්තටම කියනවද විහිලුවට කියනවද කියල මටනම හිතාගන්ට බෑ.." අම්ම තොල මැතිරුවෙ තමන්ටම කියාගන්නව වගෙ. 

" විහිලු නෙවෙයි. අප්පච්චිගෙ අසනීපෙත් එක්ක නර්ස් කෙනෙක් ගෙදරම ඉන්නව නම් කොච්චර එකක්ද? " මම එහෙම කියල අම්ම දිහා හොරැහින් බලාගෙන මගෙ කාමරේට ගියා.

78 comments:

  1. Why ain't we liviiiiiiiiiiiing
    Living toge....ther
    Instead of being so far apart
    Why ain't we living together
    instead of being alone?
    Living together
    Living together..

    BeeGees

    ReplyDelete
    Replies
    1. Dude,

      Yeh…yeh..yeh….ye…ye..ye….Why ever not? Why ever ? Why ever?
      W…h…..y............. e…..v….e….r not we are l…i…v…..i…n…g…. T…o…g…e…t…h…e…r.?
      With all the joy of married life…and nothing ever any sorrows to boot…
      let's just ..live…t….o…g…e…t..h…e…r……….

      Delete
  2. Replies
    1. සිතුවම්,

      කොහෙද බොල ගිහිල්ල හිටියෙ? කාලාන්තරේකට පස්සෙ ඇවිල්ල උඹට හහ් කියල විතරද කියන්ට තියෙන්නෙ?..හහ්

      Delete
  3. හිහිහ් ඉබ්බ දියට දානකොට ඇන්නෑවෙ කියපි.. හිහි
    අර අහක දාන සේලයින් බට වලින් එක එක නිර්මාණ කරන පට්ට වැඩ්ඩො සෙට් එකක් මම දැකල තියෙනව.. නේවි හොස්පිටල් එකේදි....
    මාළු රූපද හදවත් රූපද අරකද මේකද ආයෙ ඉතිං පස්ට ඈ

    ReplyDelete
    Replies
    1. Mahesh,

      / හිහිහ් ඉබ්බ දියට දානකොට ඇන්නෑවෙ කියපි.. හිහි /

      හෙහ්, එහෙම ඉබි සීන් එකක් මෙතන නෑ බං..:)

      / අර අහක දාන සේලයින් බට වලින් එක එක නිර්මාණ කරන පට්ට වැඩ්ඩො සෙට් එකක් මම දැකල තියෙනව.. නේවි හොස්පිටල් එකේදි....මාළු රූපද හදවත් රූපද අරකද මේකද ආයෙ ඉතිං පස්ට ඈ /

      අපෙ පොඩි අම්මගෙ මහත්තය වැඩ කලේ හිරගෙදර...හිරකාරයො ( සමාවෙන්න, එහෙම කියන්නෙ නෑනෙ දැන්..ආ ..හිරගෙදර කියල කියන්නෙත් නෑ නේද? අලුත් නම විශෝධනාගාරය, හිරකාරයින්ට කියන්නෙ රැඳවියො ) රයිට් ලෙට්ස් යූස් පොලිටිකලි කරෙක්ට් ටර්ම්ස් වෙනෙවර් පොසිබල්...ඉතිං විශෝධනාගාරෙ ඉන්න රැඳවියො හදනව මල්ලි ඔය සේලයින් බට වලින් මාර ලස්සන එක එක දේවල්..උඹ කිව්ව වගෙ මාලු, හදවත් , එතනින් ගිහාම මල් වාස්, ටේබල් මැට්ස්..ආයම හදනව දත් බුරුසුවෙ ප්ලාස්ටික් කඳ කෑල්ලයි පොල් කෙඳියි අරගෙන මාර ලස්සන මාල සහ මුදු එහෙම...

      Delete
    2. Prison = බන්ධනාගාරය නෙවෙයිද?

      විශෝධනාගාරය කියන්නෙ බන්ධනාගාරයට යවන්ට බැරි, ඒ වුනත් නීතියෙන් දඬුවම් දිය යුතු වරදක් කල, 18ට අඩු දරුවො යවන තැනට නේද?

      Delete
    3. බූරාස්,

      / විශෝධනාගාරය කියන්නෙ බන්ධනාගාරයට යවන්ට බැරි, ඒ වුනත් නීතියෙන් දඬුවම් දිය යුතු වරදක් කල, 18ට අඩු දරුවො යවන තැනට නේද? /

      අඩේ එහෙම නේද? විශෝධනාගාරය කියන්නෙ දහ අටට අඩු වරදකරුවන් රඳවා තබාගන්න ස්ථානය නේද? තරුණ වරදකරුවන්ගේ විශෝධනාගාරය අන්න එහෙමයි නියම නම..ඉංග්‍රීසියෙන් කිව්වොත් Correctional Institute For Young Offenders අඹේපුස්සෙ එකක් තියනව මට මතක විදිහට. අනික තියෙන්නෙ මහියංගණ බදුල්ල පාරෙ..තල්දෙන එතකොට වතුපිටිවලත් එකක් තිබ්බ නේද? අනික සුද්දංගෙ කාලෙ ඔය බාලවයස්කාර මදාවියො යවල තියෙන්නෙ මග්ගොනට. " තෝ මග්ගොන යවන්ටයි වටින්නෙ මේ කරල තියන අපරාදෙට. " ඒ කාලෙ වැඩිහිටියො එහෙමයි කියල තියෙන්නෙ...මාටින් විම්‍රමසිංහ මහත්තයගෙ එතකොට ඇල්. ඩී මැන්දිස් මහත්තයගෙ ( පණංගල අයියා කතාව ලිව්වෙ ) කතාවල ඔය මග්ගොන ගැන සඳහන් වෙලා තියනව.

      Delete
    4. කොට්ටාවෙත් තිබ්බ එකක්. මග්ගොන තමයි වැඩිය ප්‍රසිද්ධ.

      Delete
    5. බින්දි,

      කොට්ටාවෙත් එකක් තිබ්බය? ෂෙහ්..සෑහෙන්ට ඉඳල තියනව තරුණ වරදකරුවො...:)

      Delete
    6. මග්ගොන ගිහින් දානව කියල මටත් අනන්ත කියල තීනව. ඒත් මං 3 පන්තියෙදි විතර කතරගම යනකොට මුලිම්ම මග්ගොන කියන බෝඩ් එක ගාව කඩේක නැවැත්තුව. අප්පද බොල ඒකෙ තිබ්බ ජාති. කාල ඉවරවෙලා එනකොට මං හිතාගත්තෙ ආයි මග්ගොන ගෙනත්දානව කිව්වොත් හා කියන්න. පස්සෙයි දැනගත්තෙ මෝනිස් එකයි මග්ගොන ළමා නිවාසෙයි දෙකක් කියල..හෙහ්..හෙහ්..

      Delete
    7. ඉන්දික,

      මාටින් වික්‍රමසිංහ මහත්තයගෙ අපේ ගම, උපන්දා සිට සහ කළුනික සෙවීම..ඔය පොත් තුනේම මට මතක විදිහට ඔය මග්ගොන මෝනිස්ගෙ කඩේ විස්කෝතු ගැන කියවෙනව.

      Delete
    8. හෙහ්..හෙහ් ඔව් මනුස්සය වයසට ගෙහුන් දැන් මෝනිස්ගෙ රස්ක් විස්කෝතුවක් හපන ගමන් කරන කල්පනා ගැන ඔය තුනේම තියනව තමයි.

      Delete
  4. හප්පේ මං හිතුවෙ ලෝයර්ල ගැන කියන්න ගිහිල්ල අලුත්කඩෙං මෙහාවත් නවතින එකක් නෑ කියලයි.
    ඔය සේලයින් බට වලින් එක එක විසිතුරු දේවල් හදන එක අපි ඉස්කෝලෙ යන කාලෙ මේ පැත්තෙත් ජයට තිබුණ.

    එහෙනං නර්ස් නෝන ගෙදරටම ගෙන්න ගන්න තරමට වැඩේ දුරදිග ගිහිල්ල දැං.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න,

      හප්පා..ලෝයර්ල ගැන දිගදුරට කියාගෙන ගියානං අළුත් කඩෙං මෙහා නවතින්ට වෙන්නෙ නෑ තමයි...

      Delete
  5. හ්ම්.............. හ්ම්.............. ඔඒාහ

    ReplyDelete
    Replies
    1. කුරුටු ගෑ ගී පවුර,

      හ්ම්..හ්ම්.....කියල අර මොකක්ද අන්තිමට දාපු සද්දෙ?...:)

      Delete
    2. //ඔඒාහ//
      ලෝයර්ල කිව්වාම මුන්ට වමනේ යනවා මම හිතන්නේ රවීයියේ ඒ :D

      Delete
    3. මනෝජ්,

      හෙහ්..ඒක වෙන්නැති එහෙනං.....ඔක්කාරා පරමා ඥාතී.....:)

      Delete
  6. Ammo...nariyata kukullu baradennai yanne............:)

    ReplyDelete
    Replies
    1. Sacheers,

      ඔන්න ඉතිං ඔය කිව්වෙ....ඔහොම සර්ව අශුභවාදී වෙන්ටත් එපා බොල...

      Delete
  7. ඇයි යකො අම්මත් නර්ස් කෙනෙක් නේද? එහෙනම් මොකටද වෙන අය.මෙ ඔනවෙල තියෙන්නෙ තාත්තට නර්ස් කෙනෙක් නෙමෙයි පුතට වගෙ මට පෙන්නෙ.අනේ පවු

    ReplyDelete
    Replies
    1. දමිත්,

      අම්ම නර්ස් කෙනෙක් උනාට හරියන්නෙ නෑ බං..එයාල දන්නෙ ඒ කාලෙ ක්‍රම..එව්ව හරියන්නෙ නෑ දැන්.....:)

      Delete
  8. මට නම් හිතෙන්නේ අම්මගේ හිතේ පොඩ්ඩක් තිබිලා තියෙනවා නර්ස් නෝනෙක් ලේලි කර ගන්න.. කොහෙද මේක රුවිතෙටමනේ කතා කරලා තියෙන්නේ.. හැක් හැක්.. ඔහොම යං ඔහොම යං.. මට ආස මේව අහනකොට අසෝකා ගෙ මූණ කොහොම තියෙන්න ඇද්ද කියල බලා ගන්න

    ReplyDelete
    Replies
    1. කළ්‍යාණ,

      / මට නම් හිතෙන්නේ අම්මගේ හිතේ පොඩ්ඩක් තිබිලා තියෙනවා නර්ස් නෝනෙක් ලේලි කර ගන්න.. /

      අම්මගෙ තිබ්බ තමයි එහෙම දෙයක් හිතේ....:)

      / මට ආස මේව අහනකොට අසෝකා ගෙ මූණ කොහොම තියෙන්න ඇද්ද කියල බලා ගන්න /

      අසෝකා ඔව්ව ගණං ගත්තෙ නෑ බං..හා ඇත්තද? නෑහ්?..ඔව්වයිං බාගෙට බාගයක් බොරුද කොහෙද? ඔන්න ඔහොම කිය කිය මගෙ මලත් පන්නව පන්නව හිකි හිකි ගගා අහගෙන හිටිය ඒ යෝදි...හෙහ්,හෙහ්,

      Delete
    2. ආ...න්න ගැනු

      Delete
    3. /// ආ...න්න ගැනු ///
      සහතික ඇත්ත. මගේ ගෑණිට එහෙම මගේ පරණ ලව් සීන් එකක් ගැන නිකමට හරි කිව්වොත් බලාගන්න පුළුවන් මුණේ ලස්සන...

      Delete
    4. ලොක්කා,

      උඹ බං ඒ අතිං වාසනාවන්තයි. උඹෙ උන්දැ මූණ එල්ලගන්නව විතරයි..හෙහ්..අපෙ උන්දැ පටන්ගන්නව එයයි කලිං සැට් වෙලා හිටපු කොල්ලංගෙ වරුණාව කියන්ට...මට නේද? උන්න මලා පේන්නෙ නැතුව යනව..දෙයියම්ප!!!

      Delete
  9. ඔහොම නිකන් ම මහන්සියක් නැතුව සෙට් වෙද්දී ගතියක් නැහැ නේද. බොලාටත් ඉතින් බස් හෝල්ට් ගානේ රැකලා කට්ටක් කාල කෙල්ලක් යාලු කර ගන්න එකනේ හොඳ. අම්ම අච්චර ගෙදෙට්ටම ගෙනත් දෙන්න හදලත් මුන්ද නිකන් ඇන්ටාක්ටිකාවේ පෙන්ගුයින් වගේ ඉන්න හැටි.

    ReplyDelete
    Replies
    1. බින්දි,

      / ඔහොම නිකන් ම මහන්සියක් නැතුව සෙට් වෙද්දී ගතියක් නැහැ නේද. බොලාටත් ඉතින් බස් හෝල්ට් ගානේ රැකලා කට්ටක් කාල කෙල්ලක් යාලු කර ගන්න එකනේ හොඳ. /

      හෙහ්, මට එහෙම උවමනාවක් තිබ්බෙම නෑ බාං ඇත්තම කිව්වොත්...පොඩ්ඩක් ඔය කාන්තා කටයුතු වලට ලැදියි නම් තමයි ආය මොකටද බොරු කියන්නෙ..ඒත් ඔය ලාබාල වයසෙදිනෙ.ඒ කාලෙ පස්සෙං ගිහිල්ල කට්ට කන එව්වාට මම නෑ. මම ස්වභාවයෙන්ම බොහොම කුසීතයි. ඒකත් එක හේතුවක් වෙන්න ඇති.අන්තිමට පොඩි කට්ටක් කෑවෙ අපේ උන්දැ කොක්ක ගහපු කාලෙ තමයි. ඒකත් මම හිතන්නෙ ඔය පතාගෙන ආපු හැටි වෙන්න ඇති.

      / මුන්ද නිකන් ඇන්ටාක්ටිකාවේ පෙන්ගුයින් වගේ ඉන්න හැටි. /

      අඩේ මරු උපහැරණෙ ඒක..හෙහ්,හෙහ්, ඒ කියන්නෙ මට නෙවෙයි වගෙ ඉන්නව කියන එකද? නිකං අපි ඔය කියන්නෙ ලෝඩ් බකිංහැම් වගෙ කියල අන්න ඒ වගේද?

      Delete
    2. I mean it, so cool or so cold :D

      Delete
    3. //අපේ උන්දැ කොක්ක ගහපු කාලෙ තමයි//

      අපේ උන්ද කොක්ක ගහපු කාලේද කොක්කට අහු වෙච්ච කාලේද? මෙතන ඇක්ටිව් පැසිව් මාරු වෙලා මට පේන්නේ

      Delete
    4. සයුරි,

      / අපේ උන්ද කොක්ක ගහපු කාලේද කොක්කට අහු වෙච්ච කාලේද? මෙතන ඇක්ටිව් පැසිව් මාරු වෙලා මට පේන්නේ /

      හරි බං..ඔය දෙකම එකටම වගෙ වුනේ...අර පැරලල් වර්ල්ඩ්ස් කන්සෙප්ට් එක ගැන අහල තියනව නේද? එව්වගෙ සමාන්තරව යම් යම් දේවල් වෙන්නෙ...ආන්න ඒ වගේ..කොක්ක ගහනව..කොක්කට අහුවෙනව කියන්නෙ බලගෙන යනකොට එකම කාසියෙ දෙපැත්ත වගෙ. අර කතාවකුත් තියෙන්නෙ හැදෙන කාසියෙ දෙපැත්තෙන් දැනේ කියල.....හෙහ්, ඔන්න සෝක් කතාවකුත් මතක් වුනා මට.... මගෙ අර කැලේ මැද ජීවිතේ කාලෙ කතාවක්....ජීප් එකක් කැඩිල තව ජීප් එකකින් වර්ක්ෂොප් එකට ඇදගෙන ගිය සීන් එකක් ගැන.. සවිස්තරව ලියන්නංකො වාං පතුල් කතාවල....:)

      Delete
  10. A thief broke in to a lawyers house. Lawyer caught him.
    The lawyer said "get out and don't come back"
    And charged the this 1000 RS for the opinion :P

    ReplyDelete
    Replies
    1. Prince of Moonshine,

      Its a good one, thanks..there is a whole lot of lawyer jokes..here are some of my favorites,

      What do you get when you cross a corrupt lawyer with a crooked politician? - Chelsea Clinton.

      ( Chelsea Clinton is the daughter of former US President Bill Clinton and former Secretary of State Hillary Clinton )

      ***********************************

      Do you know what was the latest addition to the list of Oxymorons in Oxford Dictionary ? : A Honest Lawyer

      ***********************************

      A guy phones a law firm and says, "I want to speak to my lawyer." The receptionist says, "I'm sorry, but your lawyer died last week."

      The next day the same guy phones the law firm and says, "I want to speak to my lawyer." Once again the receptionist replies, "I'm sorry, but your lawyer died last week."

      The next day the guy makes his regular call to the law firm and say, "I want to speak to my lawyer." "Excuse me sir," the receptionist says, "but this is third time I've had to tell you that your lawyer died last week. Why do you keep calling?" The guy replies, "Because I love hearing it!"

      ***********************************

      BTW - Your name brings a plethora of very fond memories of a bygone era of my life. :)

      Delete
    2. හෙහේ,ඇයි බං රවීයියේ ඔය ලෝයර් මහත්හොරුන්ට මිනිස්සු ඔය තරම් අකැමති.?
      ඉස්සර අපේ ආච්චි කියනවා "කළු කෝට්කාරයෝ කියන්නේ ඇත්ත,නැත්ත කරන නැත්ත ඇත්ත කරන ජාතියක්"ය කියලා.:D

      Delete
    3. Manoj,

      ඒක මම හිතන්නෙ මල්ලි මිනිස්සුන්ගෙ ජීවිත අත්දැකීම් වලින්ම ආපු දෙයක්. ඒ විශ්වාසය බොරුමත් නෙවෙයි. බහුතරයක් නීතීඥ මහත්වරු ( නෝනා මහත්වරු කියල මම කියන්නෙ නෑ. ඒ මොකද කියනවනම් මම ලඟින් ආශ්‍රය කරපු ලෝයර් නෝන මහත්තුරු දෙන්නයි ඉන්නෙ. ඒ දෙන්න නම් බොහොම සාධාරණ තමන්ගෙ වෘත්තියෙ ගෞරවාන්විතව යෙදෙන අය ) ක්‍රියාකරන්නෙ තමන්ගෙන් පිහිට පතාගෙන එන මනුස්සයගෙන් උපරිම මුදලක් කඩාගැනීමේ ඒකායන අරමුණ ඇතුව.

      අබ්බගාත්, පෙරකොරෝද කාරයා, ගිණිකන කළුකෝට් කාරයො ඔහොමනෙ මිනිස්සු හඳුන්වන්නෙ.

      අනික තමන් පෙනීහිටින මනුස්සය මොන තරම් දරුණු අපරාධකාරයෙක් වුනත් මොන දහංගැටේ ගහල හරි ඒකව නිදහස්කරගන්ටනෙ නීතිඥයා බලන්නෙ. එහෙම උනහම මිනිස්සුන්ගෙ අප්‍රසාදයට පත්වෙන එක වලක්වන්න බෑ. නීතිය අනුවනම් එහෙම කරන එකේ වැරැද්දක් නෑ. සාධාරණ සැකයකින් තොරව වරද ඔප්පුවෙලා නැත්නම් නිදහස් කරන එක තමයි නීතියෙ සම්ප්‍රදාය.

      Delete
    4. මගෙ මිත්‍රයෙක් කිව්ව විදිහට ලෝයර්ලට ඔය තෙතක් නැති ගතිය උගන්නවලු ලෝ කොලෙජ් දෙශකයො. මිනිහ කිව්වෙ, මොන තරං දුකක් අමාරුවක් දැනෙන නඩුවක් ගෙනාවත් කිසිම දෙයක් ගණන් ගන්න එපා, නීති පැත්ත බලනව විතරක් මිසක කියල. අනෙක නඩුව ගේන එකාට සල්ලි තිබ්බ නැතා, දිනයිද නැද්ද කියල පෙනුන නැතෑ, වැඩේට ගාණ කතා කරල ඒක අරගෙන මිසක් කිසිදෙයක් පටන් ගන්න එපා කියල කිව්වලු.

      මේ ඒ වගේ ලෝයර්ල ගැන තව කතාවක්.

      එක දේශක ලෝයර් මහත්තයෙක් කියල දෙනවලු;

      මිළ කියන්නෙ බොහොම වැදගත් දෙයක්. තමන් වැඩ කරනකොට හැම දේටම මිළක් තියෙන්නම ඕන.

      දැන් බලන්න ළමයි මම නඩුවකට පෙනී ඉන්න වාරෙකට රුපියල් පණස්දාහයි.

      ඔෆිස් එකට ඇවිත් නීති උපදෙසක් ගත්තොත් විසිපන්දාහක් ගන්නව.

      ටෙලිෆෝන් එකෙන් දෙන එක උපදෙසකට පාලොස්දාහක් ගන්නව.

      මගේ දේශණයකට ලක්ෂයක් ගන්නව.

      මම උත්සවයක කතා කලොත් හතලිස් දාහෙ සිට ඉහලට.

      ටී.වී එකේ නීති සාකච්ඡාවකට එක දවසට තිස්දාහයි.

      රේඩියෝ එකේ පැය බාගෙට දහදායි.

      මෙහෙම උන්දැ ගාස්තු ලැයිස්තුව කියවගෙන යනකොට එක කට හැකර කොල්ලෙක් අහනවලු..

      සර්...කවුරු හරි ලඟින් ගියොත් කීයක් ගන්නවද?

      Delete
    5. ඉන්දික,

      මම හිතන්නෙ දොස්තරලටත් මෙඩිකල් ෆැකලිටි එකේදි ඔය වගෙ ලෙක්චර් එකක් දෙනව වෙන්න ඕන එකත් එකටම දොස්තරලය කියන්නෙ අමුතු සත්තු ජාතියක්ය කියල. :)

      Delete
    6. @ PoM, your name gives Ravi nostalgia it seems.
      A lawyer got anything to do with naming you?

      Delete
    7. //BTW - Your name brings a plethora of very fond memories of a bygone era of my life. :)

      Moonshine or princeliness? :P

      An Engineer dies and goes to hell. He's hot and miserable, so he decides to take action. The A/C has been busted for a long time, so he fixes it. Things cool down quickly.

      The moving walkway motor jammed, so he unjams it. People can get from place to place more easily.

      The TV was grainy and unclear, so he fixes the connection to the Satellite dish and now they get hundreds of high def channels.

      One day, God decides to look down on Hell to see how his grand design is working out and notices that everyone is happy and enjoying umbrella drinks. He asks the Devil what's going on?

      The Devil replies, "Things are great down here since you sent us that engineer."

      "What?? An engineer? I didn't send you one of those, that must have been a mistake. Send him back up right this minute."

      The Devil responds, "No way! We are going to keep our engineer. We like this guy."

      God demands, "If you don't send him to me immediately, I'll sue!"

      The Devil laughs. "Where are YOU going to get a lawyer?"


      Read more at http://www.sunnyskyz.com/funny-jokes/17/An-Engineer-accidentally-goes-to-Hell-instead-of-Heaven#7SpjbVrIcGIl6OSi.99

      Delete
    8. Prince of Moonshine,

      / Moonshine or princeliness? :P /

      What prince mate ? ..I was never a prince...:) may be to my mom ..but even to her that was only during the first 3-4 years of my life....

      I am speaking about Moonshine of course. Heh,heh, There was a time long ago when Moonshine was an integral part of my life...I wrote some time ago two or three episodes reminiscing about some unforgettable moments of my life in that period...:)

      PS - Thanks for the link..I simply love those on-line joke sites...:)

      Delete
    9. Q. How can you tell when a lawyer is lying?
      A. His lips are moving

      Delete
    10. //I was never a prince...:)//

      Not even in your horoscope?

      Delete
    11. //Not even in your horoscope?//
      Good one :)

      Delete
    12. ඉන්දික,

      වේලපත්කඩෙත් කුමාර කතාවක් නෑ බං..මම උපන්නෙ ඕං ඔය බිංතැන්න කිට්ටුව ප්‍රාදේසීය නගරෙක නෙව. එහෙදි ලියපු වේලපත්කඩේ තියෙන්නෙ " සිංහ ලග්නයේ සිකුරු මහ දසාවේ ගුරු අතුරු දසාවෙන් උපතලද මේ පිංවත් කැකුළාහට....." ඔන්න ඔහොමනෙ. ඒ හින්ද අනික් හැමෝටම අනිවාර්යයෙන් කුමාර පට්ටමක් ලැබෙන වේලපත්කඩෙනුත් මට ඒ වාසනාව නෑ..අහෝ දුකකි ඉරකි තිතකි!

      Delete
    13. //ගුරු අතුරු දසාවෙන් උපතලද මේ පිංවත් කැකුළාහට//

      :D

      Delete
  11. අම්මට තේරිලා කොල්ලාගෙ හිතේ හොරය

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා,

      හෙහ්,හෙහ්, ආය මොනවද? අම්මලට වඩා කවුද බං පුත්තු ගැන දන්නෙ?

      Delete
  12. නර්ස් නෝනලා ගැන කියද්දී ඉතින් මටත් තිබ්බා
    "නෝනා මගේ නර්ස් නෝනා"කියලා කියන්න පුළුවන් අතීතයක්.:(
    හැබැයි ඉතින් එක අතීතයක් විතරයි හොඳේ.:D

    ReplyDelete
    Replies
    1. අවාසනාව කියන්නෙ එහෙම එකක් මට නෑ බං! :-)

      Delete
    2. හෙහේ,නර්ස් නෝනලා ගැන කියන හැම තිස්සෙම මට අනිවාර්යෙන් මතක් වෙන තුන්දෙනෙක් ඉන්නවා.උඹ,පැරා ඇන්ඩ් "එයා" :D

      Delete
    3. Manoj,

      / නර්ස් නෝනලා ගැන කියද්දී ඉතින් මටත් තිබ්බා "නෝනා මගේ නර්ස් නෝනා"කියලා කියන්න පුළුවන් අතීතයක්.:( /

      සිනා නගන්නී ලැසි ලැසි ගමනින් එන්නී
      ඔමරි කරන්නී ඇඳ වට කැරකී යන්නී
      විදුලිය වැන්නී කෙඳිරිලි හඬට දුවන්නී
      බෙහෙත් දෙවන්නී ගිලනුන් සනසා ලන්නී

      දුක විමසන්නී ඉඳහිට සැරවැර වන්නී
      ඔවා දෙවන්නී කන බොන දේ පවසන්නී
      හොරෙන් බලන්නී මා හා පෙමින් බැඳෙන්නී
      කතා කියන්නී තනිවම සිහින මවන්නී

      සිනා නගන්නී ලැසි ලැසි ගමනින් එන්නී
      ඔමරි කරන්නී ඇඳ වට කැරකී යන්නී
      විදුලිය වැන්නී කෙඳිරිලි හඬට දුවන්නී
      බෙහෙත් දෙවන්නී ගිලනුන් සනසා ලන්නී

      සුදෙන් දිලෙන්නී මා මන පුබුදා ලන්නී
      රැජිණිය වැන්නී රෝහල වටා සරන්නී
      පොතේ ලියන්නී මගෙ නම ගම විමසන්නී
      කල මැනගන්නී මා හැර පිටුපා යන්නී

      සිනා නගන්නී ලැසි ලැසි ගමනින් එන්නී
      ඔමරි කරන්නී ඇඳ වට කැරකී යන්නී
      විදුලිය වැන්නී කෙඳිරිලි හඬට දුවන්නී
      බෙහෙත් දෙවන්නී ගිලනුන් සනසා ලන්නී


      ගායනය - සනත් නන්දසිරි
      පද රචනය - සුනිල් සරත් පෙරේරා
      තනුව - සනත් නන්දසිරි

      / හැබැයි ඉතින් එක අතීතයක් විතරයි හොඳේ.:D /

      අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ
      එදා සෙනෙහෙන් නොබෑදුනා නම් මෙදා වියොවක් නෑ

      තැනූ මන්දිර බිදී වෑටුනට නෙතේ කදුලක් නෑ
      සිනාසෙන්නට වරම් නොලදත් හිතේ කිලුටක් නෑ

      සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ
      ලොවෙ පෑරදුම මිසක කිසිදා ලැබූ දිනුමක් නෑ


      පද රචනය - පල්ලේගම හේමරතන හිමි
      ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
      තනුව - නාලක අංජන කුමාර

      Delete
  13. අනේ බං මේ ටිකවත් දාපං එකදිගට. උඹට වැඳල කියන්නං...

    රවි අයියේ ලව් වල හොඳම කෑල්ල මොකද්ද?
    මට නං හොඳම ටික තමයි ට්‍රයි කිරීමේ අවසාන හරියේ සිට කැමැත්ත ලැබීමේ මුල දක්වා ටික.
    ඒ ටිකේ මාර කික් එකක් තියනව මට නං. උඹලට කොහොමද?

    ReplyDelete
    Replies
    1. රාජ්,

      / අනේ බං මේ ටිකවත් දාපං එකදිගට. උඹට වැඳල කියන්නං…/

      හරි මල්ලි...දිගටම ලියල ඉවරයක් කරමු....ඕකේ බොස්....:)

      / රවි අයියේ ලව් වල හොඳම කෑල්ල මොකද්ද? /

      මම ඔය වගෙ සිරා ට්‍රයි කිරිල්ලක් කවදාවත් කලේ නැතිනිසා ඒ ගැනනම් බාං යමක් කියන්න අමාරුයි. මහෙ ඔය ට්‍රයි කිරිල්ලත් අනික් වැඩ වගේම තමයි හෙහ්,හෙහ්..කම් ඕ ගෝ චිකාගෝ...ඔය අසෝකගෙ කේස් එකත් අබ්ලික් උනේ මගෙ ඔය ඔන්න ඔහෙ ඕන කෙහෙල්මලක්.... වෙන දෙයක් වෙන්නෙ නැතැයි කියන උපේක්ෂාසහගත ප්‍රතිපත්තිය නිසා...:)

      Delete
    2. උඹ මේ එක එක ගොබිලෝ කියන කතා අහලා වාන් පතුල් කතා වල තිබ්බ රසේ මරල දානවා...
      පඳුරු ටිකකුත් තලපන්...
      මෙහෙම ගියොත් උඹේ බ්ලොග් එකත් පරිප්පු නැති හෝටලයක් වගේ වෙනවා ෂුවර්...
      දැනටමත් මටනම් ටිකක් මේ යන ක්‍රමේ අවුල්...

      Delete
    3. ලොකු පුතා,

      හරි බං ..රාජ් කියන දේටත් ඇහුංකන් දෙන්ට එපාය...ඕකා මගෙ හොඳ පාටකයෙක් වෙච්චි..ඒ නිසා පොඩි කොම්ප්‍රොමයිස් එහෙකට ඇවිල්ල කතාව ලියමු ඉස්සරහට. තනිකර පඳුරු තැලිල්ලමත් නෙවෙයි, ඒ වගේම නොතලනවත් නෙවෙයි වගෙ මොකක් හරි..දැනට ට්‍රෙන්ඩ් එකත් එහෙමනෙ. හූ.ඇම්.පී සහ සිරි ලංකා දෙකම එකතුවෙලා ජාතික ආණ්ඩු පිහිටවන කාලෙනෙ මේ..:)

      Delete
    4. //.ඔය අසෝකගෙ කේස් එකත් අබ්ලික් උනේ මගෙ ඔය ඔන්න ඔහෙ ඕන කෙහෙල්මලක්.... වෙන දෙයක් වෙන්නෙ නැතැයි කියන උපේක්ෂාසහගත ප්‍රතිපත්තිය නිසා.//
      එතකොට සරෝජිනී ගේ එක අබ්ලික් උනේ මොකක් හින්දද?

      Delete
    5. සයුරි,

      හරි..හරි..ඉඳහං තව දවස් දෙක තුනක් ඉවසල...සරෝජිනීගෙ කේස් එක වෙනයි...:)

      Delete
  14. නර්ස් නෝනෙක් ගැන කියඩද්දි මටත් වසර අටක සුන්දර මතකයක් තියෙනවා. ඒත් ඒක අතීත මතකයක් පමණක් වෙන්නයි යන්නේ.....
    ඔබගේ ලිපියෙන් ඒ මතකයන් අලුත් උනා...

    කැමරාවෙන් එහා ලෝකය

    ReplyDelete
    Replies
    1. යෂ්‍යන්ත,

      ඔව්ව ඔහොම තමයි බං..ගණං ගන්න එපා...හෙහ්,හෙහ්,

      Delete
  15. ගොනා හැරෙන්නේ පැලේ කන්ට වගේ...
    දැන් ඒ ළමය ගෙදරත් ගේන්ට හදන්නේ.
    බලාන්ට මෙයැයිත් ඒ කාලේ හොඳ පැණි මුට්ටියක් නේ ඈ
    (පඳුරු තැලීම සීමා කිරීම පිළිබඳ රවී අයියා සුරකීමේ ලලනා සංගමය වෙනුවෙන් මාගේ ප්‍රණාමය)

    ReplyDelete
    Replies
    1. අමාදහර,

      කොහෙද බං උඹ යන්නෙ? මේ අනේ අර සිත්තමී ගොයියත් එක්ක සාකච්ඡා කරල අර අපබ්‍රංස කතන්දරේට මොක හරි කරල දාපංකො හොඳ එකී වගෙ. මම මේ ටිකෙ සුට්ටක් බුසී...සතියකින් දෙකකින් නම් මමත් දෙන්නම් උදව්වක් හොඳේ....:)

      Delete
  16. දැන් උඹහැ කිව්ව නේද සරෝජිනී ගැන ලියන්න ඒ තරං දෙයක් නෑ කියලා... අර අසෝකා කෙල්ල කෝ දැන්..

    ReplyDelete
    Replies
    1. තිසර,

      මේ අසෝකට සරෝජිනී ගැන තොරණෙ විස්තරේ කියනවනෙ බං තාම....:)

      Delete
    2. ලියන්න ඒ තරං දෙයක් නැති එක මෙහෙම යනවා නම් ..... :)

      Delete
  17. ඊ ලඟට වෙන්න යන දේ හිතාගත්තැකි. අනේ ඉතිං පව් අර නර්ස් නෝනා. කීදෙනෙකුට කියලා සාත්තු සප්පායං කරන්නද?

    ReplyDelete
    Replies
    1. මාධවී,

      හෙහ්,හෙහ්, හිතාගත්තෑකිද? එහෙනම් කියමු බලන්ට මොකද වෙන්නෙ කියල...:)

      Delete
  18. තාත්තාව කෙසේ වෙතත් ටික කලකින් පුතාව බලාගන්ට වෙයි නර්ස් නෝනට

    ReplyDelete
    Replies
    1. ආචාර්ය තුමා,

      ඒකත් කියන්ට බෑ තමයි...:)

      Delete
  19. මෙගා එන්න කලින් ගිය ටෙලි නාට්ටියක් බලනවා වගේ හැඟීමක් එන්නේ මේක කියවද්දී එන්නේ ... සෝමවීර සේනානායක , නාලන් මෙන්ඩිස් එහෙම නෑයෝ වෙනවද රවී අයියට .. :)

    මෙගා සිස්ටම් එකට ලංකාවේ මුලින් ම ගිය නාට්ටිය දුදරුවෝ ද?

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      යස් මල්ලි දූ දරුවෝ තමයි මටත් මතක විදිහට පළවෙනි මෙගා ටෙලි නාට්ටිය...ඊට කලින් යශෝ රාවය , ගේ කුරුල්ලෝ වගෙ එව්ව ගියාට එව්ව මෙගා නොහොත් රබර් නාට්ටිය විදිහට වර්ගීකරණය කරන්ට බෑ. දූ දරුවන්ගෙන පස්සෙ ආව නෑදෑයෝ, වංශක්කාරයෝ......

      ඉස්තුතියි හොඳේ...:)

      Delete
  20. Congratulations Ravi ayya :)

    ReplyDelete
  21. රවී අයියේ මෙන්න පත්තරෙ. නියමයි !

    http://www.lankadeepa.lk/index.php/articles/305410

    ReplyDelete
    Replies
    1. මේ සම්මාන ගැන මං දැනගත්තේ දැනුයිනේ. නිල් කට් රොල් මල් පෝස්ට් එකට ගිහින් බැලුවාම දැක්කේ රන්දි අක්කා ඒ ගැන එතනත් කියලා තියෙනවා. සුභ පැතුම් පමා වුනාට සොරි අයියේ. පරක්කු වෙලා හරි ඔන්න මගේ හද පිරි සුභ පැතුම්! :)

      Delete
    2. පැතුම්, ස්තූතියි මල්ලි...:)

      Delete
    3. සිත්තමී,

      හරි හරි බං ඒ ගැන වොරි වෙන්න එපා....පරක්කු උනාට අහවල් දෙයක් වෙනවය...බොහොම ස්තූතියි ඔන්න එහෙනම් ඔන්න ..හොඳේ..:)

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...