Saturday, January 7, 2017

471. පුවක් එෂැණිං 22 - මහින්දගේ ආණ්ඩු පෙරළීම……

"තුන්සිංහලය එක්සේසත් කල අපේ රජතුමනි,
දිනේවා සැමදා" යනුවෙන් සඳහන් මහින්දගේ
රුව රැගත් පුවරුවක් ඉහළට ඔසවාගෙන
සිටින කුඩා දැරියක්

2017 වර්ෂයේ තමන්ගේ එකම අපේක්ෂාව පවත්නා රජය පෙරළා දැමීම බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි. තමන් සෑම විටම සියළුම තත්වයන්ට සූදානම්ව සිටින බවද පෙර සූදානමකින් තොරව තමන් කිසිම කටයුත්තකට අත නොගසන බවද එතුමා වැඩි දුරටත් පැවසීය. අද පවතින රජය පෙරළා දැමීමේ කටයුත්ත සඳහා තමන් සූදානම් වූයේ 2009 වර්ෂයේ සිටම බවද පැවසූ එතුමා ඒ සඳහා උදාහරණ ලෙස පහත සඳහන් කරුණු ගෙන හැර දැක්වීය.

"දැං ඔයගොල්ලො මෙහෙම කල්පනා කරල බලන්ට. අවුරුදු තිහක් තිස්සෙ දිග ඇදිච්චි යුද්දෙ මම ඉවරයක් කලා. මතකනෙ ඒ කාලෙ උදේ ගෙදරිං එලියට බැස්සම ආපහු හවස ගෙදර එන එක විස්වාස නෑ. කොයි වෙලාවෙ කෝච්චියක බස් එකක බෝම්බයක් පුපුරල ස්වර්ගස්ත වෙයිද කියන එක ෂුවර් නෑ. ඇත්තම කියනවනම් බාර්යාවයි ස්වාමි පුරුෂයයි එක බස් එකකට නැග්ගෙ නෑ. එහෙම කලේ බස් එකේ බෝම්බයක් පිපිරුනොත් දෙන්නම එක පාර මැරුනොත් ලමයින්ට යන කල දසාව ගැන හිතල. එහෙම තිබ්බ තත්වයක් මම වෙනස් කලේ. ඒ 2009 අවුරුද්දෙ යුද්දෙ දිනල"

"ඒ දවස්වල තිබ්බ තත්වයෙ හැටියට වෙන මෙලෝ මල දානයක් නොකලත් ඒකම ඇති මගෙ අනාගත පරම්පරාවටම ලංකාවෙ රජකම් කරන්ට. ලංකාවෙ මිනිස්සු බහුතරයක් හිතුවෙ එහෙම. ඒත් මම ඇවිල්ල අභියෝග වලට මූණ දෙන්ට කැමති මනුස්සයෙක්. එහෙම නිකම්ම ලංකාවෙ රජකරන්ට මට ඕන වුනේ නෑ. ඒ හින්ද මම කලේ මගෙ නියමිත කාල සීමාව ඉවර වෙන්ට අවුරුදු දෙකකට ඉස්සෙල්ල ජනාධිපතිවරණයක් තියපු එක. ඒ එක්කම මගෙ ආණ්ඩුව පරද්දන්ට පුලුවන් හැමදේම මම කලා"

"අපෙ ගෙදර උන්දැගෙ නෑදෑයො හැත්ත බුරුත්ත ඔක්කොමල පත්කලා ආණ්ඩුවෙ ආයතන වලට. පොඩි උදාහරණයක් ගමු. ලොකු මස්සිනා දැම්ම එයා ලංකා සබාපති විදිහට. ඒ මිනිහ කලේ එතන යකා නටපු එක. අහැට කනට පේන එක කෙල්ලෙකුට යහතින් ඉන්න දුන්නෙ නෑ. ඒ අතර මගෙ අර ලොකු එකා නාමෝලට ඒකෙ ඉන්න කෙල්ලො සෙට් කරල දුන්න. නාමෝල පෙරකදෝරු විබාගෙ පාස් කරපු විදිහ ඔහෙල දන්නවනෙ. ඇයි මම එහෙම කලේ? මොකද නාමෝලට ඔය විබාගෙ පාස්වෙන එක එච්චර දෙයක්ද නෑ. ඒත් මට ඕන කලා එතනත් පවත්නා රජය අපකීර්තියට පත් කරන්ට. ඒ මගෙ දීර්ග කාලීන සැලසුම්වල එක කොටසක්. තේරුණෙයි ඔහෙලට? "

"ඒ අස්සෙ දෙවෙනි එකාව මම බලෙම්ම වගෙ නේවි එකට දැම්ම. ඒ එක්කම ඌව ඩාට්මත් යැව්ව. එහෙ එකක් නෑර හැම විබාගයක්ම ඌ පේල් වුනා. ඇයි එහෙම වුනේ? මොකෝ ඌට ඔය විබාගයක් පාස් වෙන්ට බැයිද? නෑ මම ඌට කිව්ව වාඩිවෙන වාඩිවෙන විබාග පේල් වෙන්ටෙයි කියල. මට ඕන වුනේ මගෙ ආන්ඩුව අපකීර්තියට පත් කරන්ට...හෙහ්,හෙහ්, "

"එතකොට අර උදයංග කියන නීල කාස හොරා පත්කලා මිග් ගනුදෙනුවෙන් බිලියන් ගාණක් ගහන්ට. පෝද්දල ජයන්තට ගැහුව. රවිරාජ් මැරුව. ලසන්ත මැරුව. ප්‍රගීත් මැරුව. එව්ව කරන්ට ඕන දේවල් නෙවෙයි. මම ඒ ඔක්කොම කලේ මගෙ ආණ්ඩුව අපකීර්තියට පත් කරල පෙරළල දාන්ට. ඔය මෛත්‍රිපාලට මට විරුද්දව ඉල්ලන්ට කියල කිව්වෙ මමමයි. ඒ මනුස්සය බෑම කිව්ව. මම අන්තිමට මිනිහගෙං ඇහුව තමුසෙ මට විරුද්දව ඉල්ලනවද නැත්තං ලසන්තල ප්‍රගීත්ල ගිය ගමන යනවද? කියල. ඊට පස්සෙයි ඔය මනුස්සය යන්තං ඔන්න කැමති වුනේ."

"හැමෝම කිව්වෙ මගෙ ආණ්ඩුව කවදාවත් පෙරලන්ට බෑ කියල. යූ.ඇන්.පී. මන්ත්‍රී වරුත් හිතාගෙන හිටියෙ ඒ විදිහට. අන්න ඒ නිසානෙ ඒකෙ හිටපු පට්ට හොරු ටික බුරුතු පිටිං මගෙත් එක්ක එකතු වුනේ. ඒත් අන්තිමට ඒ හැමෝම බෑ කියපු දේ මම කරල පෙන්නුව. මගෙ ආණ්ඩුව මමම පෙරළල පෙන්නුව. අන්න එහෙම හැමෝම බෑ කියන වැඩ කරල පෙන්නන මිනිහෙක් මම. මහින්ද කියන්නෙ එහෙම මිනිහෙක්. ඒ හින්ද මේ රනිල්ගෙ ආණ්ඩුව පෙරළන එක මට කජ්ජක් නෙවෙයි."

ටං....ටිං....ටුං....

26 comments:

  1. බෝතලේ ඉවරයි
    සිකරැට් එකත් ඉවරයි
    රවියන්ට නිදිමතයි
    ඒක හංදා ලිපිය කොටවෙයි

    ReplyDelete
    Replies
    1. අඩේ මේ පෝස්ට් එකේ කමෙන්ට් වලට උත්තර දෙන්ට අමතක මතක බැරිවෙලානෙ...ෂෙහ්....වස වැරැද්දක්නෙව වෙලා තියෙන්නෙ.

      සුරංග,

      එහෙම එකක් නෑ බං..මේ වගෙ එව්වයෙ ආය දිගට ලියන්ට දෙයක් නෑනෙ..ෂෝට් ඇන්ඩ් ස්වීට්.....;)

      Delete
  2. එදා අපිට බැරිවුණු වැඩ ඉදිරියටම කරන්න
    සදා කල්ම සේවය කර සැප වැඩියෙන් විඳින්න
    යොදා ගත්තොතින් බුලතත් වෙන්නෙ කහට යවන්න
    මෙදා පොහොට්ටුව ගේනව දියව් යළිත් පිපෙන්න

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමී,

      හෙහ්..හෙහ්..පොහොට්ටුව නේද? අර ජී.ඇල කියන දෙකයි පනහෙ මහාචාරියා කරපු මොන වැඩේද බං හරිගියේ?

      Delete
  3. අර බෝඩ්එක උස්සාන ඉන්න කෙලිපොඩිත්තට හරි දෙමාපියන්ට හරි දොස් කියන්නෙපා, ඒ බෝඩ් එකෙත් තමා අව්රැල්ල කවර්වෙලා මූනට හෙවනක් වැටෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇණයා,

      ඒකෙං එහම ප්‍රයෝජනයක් වත් ලැබෙනව නම් ඒකත් එකක්.

      Delete
  4. Replies
    1. ප්‍රසන්න,

      මොකෝ නැතුව? තව තියනව...තව තියනව...;)

      Delete
  5. ඇයි කටවුට්, පෝස්ටර් ආදී එකී මෙකීනොකී මාධ්‍යවලින් ස්වෝත්සාහයෙන්ම
    ජනතාවට තමන්ව එපා කරවීම?

    ReplyDelete
    Replies
    1. හසිත,

      ඇත්තම තමයි..එහෙමත් එකක් නේද?

      Delete
  6. my3 තුමාත් mr තුමා ගිය ඒ අඩි පාරේම යනවා වගේ නේද? හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. පැතුම්,

      මටත් පේන්නෙ ඒ වගේ තමයි....:)

      Delete
  7. Dan inna unnaheth anduwa apakeerthiyata path karanna thamayi mula indalama uthsaha ganne.

    ReplyDelete
  8. මලලසේකර එකේ ඊළඟ පිටපත කිව්වලු...

    අපේ අප්පොච්චා මේ තරම් වැඩකාරයෙක් කියලා නිකමටවත් හිතුනේ නැහැනේ අපිට...
    දන්නවා නම් 2005 දී එන්න නොදීම ගෙදර තියනවා..

    ReplyDelete
    Replies
    1. විභීෂණ,

      ඒකනෙ කියන්නෙ බොලේ....:)

      Delete
    2. නොදකින්.... තෝ නම් විභීෂණ ම තමයි... එදත් කරේ පාවල දෙන එක... අදත් ඉතින් වෙනසක් නෑ.....

      Delete
  9. අනේ මචං. උඹේ ගොන් විහිලු අහලා ඇතිවෙලා තියෙන්නේ. ඒත් උඹ ගැන දුකයි. රසඥතාවය තව දියුණු කර ගන්න බලපන්

    ReplyDelete
  10. මොකක්ද ළමයා ඒක උස්සන් ඉන්න එකේ වැරැද්ද? මහින්ද කරපු සේවයේ ප්‍රතිලාභ තියෙන්නේ ළමයින්ට තමයි. උඹලා වගේ හරක්ට නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. ඇනෝ,

      කවුද දැන් එහෙම උස්සං ඉන්න එක වැරදියි කිව්වෙ?

      Delete
  11. ඉතින් බලහන් රවී අයියේ ඒ වගේ උත්තමයෙක්ට නොවැ උඹලා මෙ පස් පඩංගුවේ බැන වදින්නේ... ඔහොම හොඳද මං අහන්නේ... :D :D :D

    ReplyDelete
    Replies
    1. සෙන්නා,

      මොකද කොරන්නෙ බං? අපේම කරුමෙ..අපේම කරුමෙ...:(

      Delete
  12. ඇත්තටම ඒකනේ වුනේ බං.

    ReplyDelete
    Replies
    1. අජිත්,

      ඔබ හරි..ඒකම තමයි වුනේ....

      Delete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...