Tuesday, March 6, 2018

570. දෑත ළය මත බැඳගනිමි. පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාවට සම වැදෙමි…..

පොළොන්නරුව ගල්විහාරයෙහි පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව
දැක්වෙන බුදුන් වහන්සේගේයැයි සැළකෙන හිටි පිළිමය 

වයස පණහක් පැන්නම අපි හිතනව ජීවිතේ හුඟක් දේවල් අපි අත්දැකල තියනවයි කියල. ඒක බොහෝවිට බොරුවක්මත් නෙවෙයි. මේ මිහිපිට ශතවර්ෂ බාගයක් ජීවත්වෙලත් ජීවිතේ විඳින්නට බැරිවුනයි කියන්නෙ එතන මොකක් හරි අඩුපාඩුවක් තියනව. අඩුපාඩුවක් කිව්වට පොඩි එකක් එහෙම නෙවෙයි ලොකුම අඩුපාඩුවක්.

එහෙම ඉන්න එක කට්ටියක් අර ජීවත් උනාට තමන් ජීවත්වෙන්නෙ තවත් විවිධාකාර මිනිසුන් ගැහැණුන් සරා සංඛ්‍යයක් මධ්‍යයේය කියල නොහිතා අනේ උංට බම්බු ගහගන්ට කියහල්ල කියල තමංගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න අය. එහෙම අයට කියන්නෙ අසංවේදී මිනිස්සු කියල. අනික් මිනිසුන් සහ ගැහැණුන්ගෙ දුක්වේදනා සංතාපයන්ට ඒ අය ප්‍රතිචාර දක්වන්නෙ නෑ. Immune From Feelings කියලයි එහෙම අයට කියන්නෙ. 

තවත් සමහරු ඉන්නව උපන්නාට මේ ලොව වැනෙනවා විනා, ලොව සිරිතට අඹු දරු රකිනවා විනා මාදිලියේ මිනිස්සු. ඒ වගෙ අය කිසිම දේකින් හිත උණුවෙන්නෙ නැති මිනිස්සු. අර බුදු හාමුදුරුවොත් කිව්වයි කියන නොසැලෙන ස්වභාවයයි මේ හිත උණු වෙන්නෙ නැති එකයි හැබැයි ඉත්තේරුවෙන්ම දෙකක්.

පොළොන්නරුවෙ ගල්විහාරෙ තියන හිටි පිළිමය ආනන්ද හාමුදුරුවන්ගෙ පිළිමයක්ය කියන ජනප්‍රිය මතයක් තියනව. ඒත් පරණවිතාන මහත්තය කියන්නෙ ඒ ඉන්නෙත් බුදු හාමුදුරුවොමයි කියල. ඒ දෑත් ළය මත බැඳගෙන ඉන්න මුද්‍රාවට කියන්නෙ පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාව කියල. ඒ කියන්නෙ අනුන්ගේ දුකේදී දුක්වන කියන එක. බුදුන් වහන්සේ සියළු කෙලසුන් නසා බුද්ධත්වයට ලැබූ ඉක්බිති දුකක් හෝ සතුටක් වගෙ පෘථග්ජන හැඟීමක් උන්වහන්සේට ඇතිවිය හැකිද කියන ගැටළුව ගැන මම මෙතනදි කතා කරන්න යන්නෙ නෑ.

මහමෙව්නාවේ සමාධි බුදු ඇස 
රෑ වට සීතල පින්නෙන් පිරුණිද
නැත්නම් සැබැවින් කඳුලින් වැසුනිද

පිරිතේ තෙවලා බණ පදයේ 
සාදුකාරයේ හඬ මඩිමින් 
අවි ගැටෙනා හඩ රණ දෙරනේ 
දෝංකාර දී එයි නැගෙමින්
ඒ ඇසු බුදු ඇස කඳුලින් වැසුනිද
නැත්නම් රෑ වට පින්නේ පිරුණිද

හදේ ගලා ගිය මෙත් ගඟුලේ 
සීතල දිය රැලි ගල් ගැසෙමින් 
නොමිනිස්කම් දළු දමා වැඩේ 
මිනිසත් භාවය ගිණි තබමින්
ඒ දුටු බුදු ඇස කදුලින් වැසුණිද
නැත්නම් රෑ වට පින්නෙන් පිරුණිද

අසූව දසකයෙ මුල්බාගයෙදි නන්දා මාලිනී එහෙම කිව්ව. ඒ ගීතය දැඩිලෙස විවේචනය කරල පුවත්පතකට ලිපියක් ලියල තිබ්බ මට මතකයි තිලක් රත්නකාර මහත්තය. එයා කිව්වෙ බුදුන් වහන්සේට දුකක් කණගාටුවක් සතුටක් වගෙ හැඟීමක් ඇතිවෙන්න කොහෙත්ම ඉඩක් නැති හින්ද මේ ගීතයම බොරුවක් කියලයි. ගීත සාහිත්‍යයෙදි භාවිතාවන උපමා රූපක ගැන ඒ මහත්මයට කොහෙත්ම හැඟීමක් නැතුව ඇති කියලයි මට නම් ඒ වෙලාවෙ හිතුනෙ.

බුදුහාමුදුරුවන්ට උනත් දුක හිතෙන වෙලාවක් එන්ට පුලුවනි. මම මේ පූර්විකාව කියල එහෙම ලැහැත්ති වෙන්නෙ අන්න එහෙම කතාවක් කියන්න.. 

වැඩි කාලයක් නෑ මේ ඊයෙ රෑ...අපේ තිසර මලය මට මෙසේජ් එකක් දාල තිබ්බ. 

"මොකද අයියෙ උඹ මා එක්ක තරහෙන් වත්ද?"

"පිස්සුද බං?... ආය අහවල් දේකට තරහ වෙන්නද?" මමත් පිලිතුරු බැන්ද. 

"නෑ මම මේ එහෙම ඇහුවෙ සතියකට වගෙ ඉස්සර මම උඹට දිග මෙසේජ් එකක් දැම්ම ඒකට නෝ රිප්ලයි හින්ද…"

"අඩේ බං මම මේ දවස්වල ටිකක් දුර බැහැර වැඩ කරන්නෙ..ඒ හින්ද වැඩිපුර අන්තර් ජාලයෙ සරන්න වෙලාවක් කලාවක් ඇත්තෙම නෑ…Sorry …" මම සමාව ඉල්ලුව.

"හරි හරි කමක් නෑ…ඒක ගනන් ගන්න එපා.." තිසර කිව්ව.

"හරි මම දැන්ම බලන්නම්කො මෙසේජ් එක.."

ඒ මෙසේජ් එකේ තිබ්බෙ මම මේ ඊයෙ පෙරෙයිද ලියාපු අර පිලිපීන් පොඩි කෙල්ල Melodyගෙ මරණය ගැන පෝස්ට් එක කියවල තිසර මට එවපු ඒ වගේම කතාවක් කියවෙන ගීතයක වීඩියෝ එකක්.

ඇත්තම කිව්වොත් මගෙ පපුව පත්තුවෙච්චි ගීතයක්...

තම දරුවකුගේ මරණය කොහොමත් දෙමව්පියන්ට දරන්නට අමාරුයි. ඒත් වයස පහක  වගෙ සුරතල් දරුවෙකුගෙ මරණය දරාගෙන ඉන්නෙ කොහොමද කියල මට නම් හිතා ගන්න වත් බැහැ. අනික පපුව තවත් කීරි ගැහිල යන්නෙ මේ සත්‍ය කතාවක් කියල දැනගත්තම...

මේ විස්තරේ මම උපුටා ගත්තෙ ඒ වීඩියෝ එකට දාල තිබ්බ කමෙන්ට් එකකින්...

සත්‍ය සිදුවීමකින් නිමැවුනු ගීතයේ පසුබිම් කතාව.....

අපේ රටෙි ධනවත් පින්වත් දෙමාපියන් දෙදෙනෙකුට පුංචි පුතෙක් උපදිනවා.. මලක් වගේ ලස්සනයි.. පුතාගේ නම ටෙහාන්.. අනිත් දරුවො වගේ නෙවෙයි ටෙහාන් පුතා හරි වෙනස්.. . ටිකෙන් ටික පුංචි පුතා ලොකු වෙනවා..

දවසක් පුතා වාහනේ යනකොට දකිනවා පාරෙ දුප්පත් ළමයෙක් සෙරප්පු නැතිව ඉන්නවා... "තාත්ති කාර් එක නවත්වන්නකෝ..." කියා අවුරුදු 2ක පුංචි පුතා දිව ගොස් තමන්ගේ සෙරප්පු දෙක අර ළමයට දෙනවා... අවුරුදු 2ක ළමයෙක් කල දේ දෙමාපියන්ට අදහ ගන්නට බැරි වෙනවා... ඊට පස්සේ තාත්තට සිදු වෙනවා වාහනයේ බාටා සෙරප්පු බෑග් එකක් දාගෙන යන්න.. ටෙහාන් පුතා පාරෙ ඉන්න සෙරප්පු නැති දරුවන්ට වාහනේ නවත්වලා සෙරප්පු දෙනවා... 

ඒ වගේම බුදු පිලිමවහන්සේ නමක් කොහේ දුටුවත් පුංචි ටෙහාන් වනදනා කරනවා බුදු සාදු කියලා... මෙි වගේ අසාමාන්‍ය ගති ගුණ මෙි දරුවගෙන් දෙමාපියන් දකිනවා.. මෙි කිසිදෙයක් දෙමාපියන් කියලා දීපු ඒවා නෙවෙයි…

කාලය ගත වෙනකොට එක්වරම පුංචි පුතා අසනීප වෙනවා.. පුතාව සිංගප්පූරුව බලා රැගෙන යනවා.. වෛද්‍ය ප්‍රතිකාර සදහා.. කාලයකට පස්සේ එහේ වෛද්‍යවරු කියනවා මෙි පුතාව නැවත ලංකාවට අරන් යන්න කියලා... 

ඒ ඇවිත් දවසක් පුතා සමග පිංකමකට සහභාගි වෙනවා... ඒ පින්කමේදි හැමෝටම අදහාගත නොහැකි ලෙස මේ පුංචි ටෙහාන් පුතා පැත්තකට වෙලා භාවනා කරනවා දකිනවා..ටෙහාන් ඊට පෙර කිසි දවසක භාවනා කරලා තිබුනෙත් නෑ කවුරුවත් එයාට භාවනා කරන්න කියල දීලා තිබුනෙත් නෑ... පුංචි ටෙහාන් ඊලග දවසෙත් උදේම අවදි වෙලා බුදු සාදු බලන්න පන්සලට යන්න ඕනෙ කියලා අම්මට කියනවා... පුතාගෙන් බෙිරෙන්න බැරිම තැන අම්මා පන්සලට එක්කරගෙන යනවා..

මග යනකොට ටෙහාන්ගේ අසනීපය වැඩි වෙනවා..පුංචි පුතත් එක්ක වාහනය ඇතුලේ තනි වෙන අම්මා හමුදුරුවන්ට කතා කරනවා.. පුංචි පුතාට සෙනෙහස දක්වපු හාමුදුරුවොත් ඒ වෙද්දී මගට වාහනේකින් වැඩම කරලා වෙන වැඩකට. අම්මගේ හදිසි ඇමතුමෙන් හාමුදුරුවෝ ටෙහාන් පුතාලගේ වාහනේ තියෙන මගට වඩිනවා.. 

හාමුදුරුවෝ පිටිපස්සේ සීට් එකට රෝහලට යන්න පුතත් එක්ක නගිනවා...පුතා හාමුදුරුවන්ගේ සිවුරට තුරුල් වෙනවා...හාමුදුරුවන්ගේ ඔඩොක්කුවෙි අවුරුදු පහක් වයස රෝස මලක් වගේ හිටපු ටෙහාන් පුතා අවසන් හුස්ම පොද හෙලනවා... 

දරා ගන්න බැරි දරු දුකින් හඩා වැටෙන පුතාගේ තාත්තා දවසක් නින්දෙන් දකිනවා වලාකුලූ අතරින් ලස්සනට ඇද ගත්ත දෙවි කෙනෙක් වගේ කෙනෙක් ලගට එනවා... ඇවිත් තාත්තට ධර්මය කියා දෙනවා.. තාත්තා හඳුනාගන්නවා මෙි තමන්ගේ මිය ගිය පුතා බව.. 

මෙි දිව්‍ය පුතා තාත්තට නාඋයනේ අරියධම්ම නායක ස්වාමීන්වහන්සේ ලගට යන්න පාර පෙන්වනවා... අවසානයේ සසරින් ආ මිතුරෙක් ලෙසින් මෙි දෙමාපියන් දෙන්නව මෙි පුතා ධර්මයේ පිහිටුවනවා...ධර්මයේ හැසිරෙන්නට මග කියා දෙනවා..අනතුරුවලින් වලක්වනවා...පින් කර ගන්නට මග හදනවා...අද ඒ දෙමාපියන් පුතාට පින් අනුමෝදන් වීම පිනිස මහා සෑයක් පවා ඉදිකරනවා...

මෙි විසල් කතාව විනාඩි 5ක මධුර මනොහර තනුවකින්ද, වචනයක් වචනයක් පාසා හද හඩවන පද වැලකින්ද, හද කකියන සංගීතයකින්ද, පියෙකුගේ වෙිදනාව හඟවන හඬකින්ද,  විශිෂ්ඨ රංගනයකින්ද මෙය නිර්මාණය කිරීමනම් විශිෂ්ඨ වැඩකි... කතාව නොදැන ගීතය පමණක් අසා සංවෙිදි වූ බොහෝ දෙනා පසුබිම් කතාව දැනගත් විට හනු ඇත...

පුංචි කාලයකට හෝ මනුලොවට ආපු පුංචි ටෙහාන් අම්මවයි තාත්තවයි තිසරණයේ පිහිටෙවුවා... ආයෙමත් ආපු තැනටම යන්න ගියා.. ඒත් අම්මවයි තාත්තවයි අමතක කලේ නෑ... වළාකුලු අතරින් ඇවිත් උපකාර කලා... ඒ දෙමාපියොත් පුංචි පුතාව අමතක කලේ නෑ.. ලස්සන පින් කරමින් තවමත් පුතාට අනුමෝදන් කරනවා..

ඉතින් අප රැස් කරනා පිනත් ටෙහාන් පුතුට අනුමෝදන් වෙිවා! සසර දුකින් නිදහස් වන්නට ඒ සියලු පින් උපකාර වෙිවා!!!

- උපුටා ගැනීම අවසන් - 

වීඩියෝව නම් කරල තියෙන්නෙ සසරෙන් ආ මිතුරා කියල…



වළාකුලෙන් පාවී ඇවිත්
ගීයක් ලියා මාගේ ලෙයින් 
කතරේ කෙළවර සොයා 
යන්නේ තනියම ඔයා 

සසරෙන් ආ මිතුරා 
කොහෙද නැවතත් 
සැඟවුනේ 
අහසෙන් ආ ඇරයුම් 
රැගෙන තනිකලා
මා මිහිතලේ 

ඇයි මා හා තනිකලේ.........

යලි එන හෙටත් ගැන ගැන හිතත් 
මැරි මැරි සිටිත් ආදරයත් 
ක්ෂිතිජේ කෙලවර සොයා 
ඉන්නම් හමුවන තුරා

සසරෙන් ආ මිතුරා
කොයිද නැවතත් සැඟවුනේ
අහසෙන් ආ ඇරයුම් 
රැගෙන තනිකලා 
මා මිහිතලේ

ඇයි මා හා තනිකලේ.........

වෙන් කලත් නොපෙනෙන මාරුතේ 
සංහිඳ වී ඔබ ඈතින් පෙනේ
මා යන මඟ බලමින් ඇතේ 
එතෙර වන්නට තොටුපලේ

සසරෙන් ආ මිතුරා
කොයිද නැවතත් සැඟවුනේ
අහසෙන් ආ ඇරයුම් 
රැගෙන තනිකලා 
මා මිහිතලේ

ඇයි මා හා තනිකලේ.........

Some angels just waltz into our lives
when our journey seems dark without light at sight
They become the guide for this desert, that's open wide
Such friends take a head start just to lead us and clear our path

My old friend through eternity
Though you are not in my vicinity
I'd only have to look up to see you
Coz I live just a galaxy below you 

Years and years I have spent unrested
Hoping you'd return as I requested
I will voayage in search of an end to the horizon
To find you where our worlds meet in unison

My friend we've been through an eternity
A million times we've said Hi
A million times we've said goodbye
For every time you were summoned from the heavens
It's me who was left deserted without your presence

This journey seems endless
But I won't stop because I see you at a distance
Could you wait till I come to your reach 
Together we could attain the freedom we seek

My old friend our paths have crossed infinite times
"No, not again" I said when you said "goodbye"
But the heavens have summoned you again this time
And I'm left to sail without you by my side

Sasaren Aa Mithura -සසරෙන් ආ මිතුරා - (Inspired by a true story)
Starring- Bimal Jayakody & Edrian Koralage 
Vocals, Lyrics & Melody by Methun SK
Music by Sarith Surith Jayawardena 

ඉතිං තිසර මල්ලි ඔබට බොහොම ස්තූතියි!!!


30 comments:

  1. මේ තිසර කියන එකාගෙන් මළ කරදරේ, දිග මෙසේජ් එවනව. ඌ හිතාගෙන ඉන්නෙ ඌට වගේ අපිටත් වෙන වැඩ නැහැ කියල, අර මට මෙසේජ් එකක් එවල තිබ්බෙ බොරුවටද?

    ReplyDelete
    Replies
    1. ඉයන්,

      හෙහ්..හෙහ්...නෑ ඇත්තටමයි...හරිම කරදරයි ඔය තිසරයගෙන්....:)

      Delete
  2. Replies
    1. Menda,

      ඔව් බං බොක්කටම තමයි...:(

      Delete
  3. කෙනෙකුට දෙයක් දෙන්න...නැති බරි කෙනෙකුට උදව් කරන එක ස්මහරු සන්සරෙ පුරුද්දට අරගෙන එන දේවල්...
    ඒ දෙ ලබන කෙනාට ඒක මොනතරම් වටිනවද කියලා දන්නෙ ඒ මනුස්සයා විතරයි....
    මම දන්න සමහරු ඉන්නවා කිසි කෙනෙකුට දැනගන්න නොතියා අනිත් අයට උදව් කරන අය....
    ඒ උදව්වෙන් ප්‍රොයොජන ලබන අය.."අනෙ ඒ මනුස්සයට ජාති ජතිත් හරියන්න ඔනෙ කියලා" කියන එක ඇති පනස්ල් නොගියට....

    ReplyDelete
    Replies
    1. මෙන්ඩා,

      එහෙම ගැහැණුන් සහ මිනිසුන් ඉන්නව..අර කිව්වත් වගෙ සංසාර පුරුද්දට වගෙ දාන පාරමිතාව පුරන අය...

      Delete
  4. බොහෝම ස්තූතියි රවී අයියේ සඳහනට... ඇත්තටම මේක මම ඇහුවේ දෙසැරයයි. මටත් මේක අහන්න කියලා ඉල්ලීමක් ලැබෙන්නේ මිත්‍රත්වයක් හරහා. උඹට වගේම මටත් ටික දවසක් යනවා මේක හරියට අහන්න. හැබැයි ඇහුවට පස්සේ මාව නිකං ගල් වෙනවා. ජීවිතේ සමහර දේවල් අපිට වැඩියෙන්, වඩා තදින් දැනෙන කාල තියනවා. මේකෙ පද රචනය ඇත්තටම එක පෙලට කියෙව්වෙ මේ දැන් තමයි. ඒ වචන ඒ වගේම ඉංග්‍රීසි පද කොච්චර සංවේදීද කියලා දැනෙන්නේ දැනුයි... මේකෙ විෂුවල් එක මට නම් 'මාරම මාර වැඩක්'. ඒකෙන් දෙන ෂොක් එක දරාගන්න ඇත්තටම අමාරුයි. උඹේ පෝස්ට් එකේ ටයිටල් එක ගැනත් කියන්න වචන නෑ...

    ReplyDelete
    Replies
    1. තිසර,

      ඇත්තටම මම ජීවිතේ හුඟක් අත්දැකීම් ලබපු මනුස්සයෙක්.මම මුලින්ම අර කිව්වෙ ඒ ගැන.

      ඉතිං මම හිතාගෙන හිටියෙ මට ඕනම දෙයක් උපේක්ෂා සහගතව නොසැළී විඳදරාගන්න පුලුවන්ය කියල.

      ඒත් මේ කතාව මගෙ පපුවටම වැදුන. ඇස් තෙත්කරගෙන කඳුළු ආවෙ ඉබේටම...

      ආයම ස්තූතියි මල්ලි!

      Delete
  5. ඇඬෙනවා නෙමෙයි ඇඬුනා...

    ReplyDelete
    Replies
    1. ලොක්කා,

      ඒකනෙ බං... මට හිතාගත්තෑකි...

      Delete
  6. http://trisinhala.blogspot.com/2018/03/blog-post.html

    ReplyDelete
    Replies
    1. Pra,

      /"වනය තුල තවත් සැතපුම් භාගයක් පමණ ඉදිරියට ගිය විට අඩි 80 ක් පමණ දිග, මධ්‍යයෙහි අඩි 30 පමණ උස, දෙපසට ක්‍රමයෙන් බෑවුම් වන, එක්වරම විශාල කළු ගලක් ලෙස දිස්වන ස්ථානයකට මා ලගාවිය. පියවර කිහිපයක් ඉදිරියට ගිය විට මට වැටහුනේ මා අඩු තරමින් අඩි 25 ක් වත් උස කාල වර්ණ දැවන්ත මිනිසෙකුගේ රූපයක් යට සිටින බවය. ඒ අවස්ථාවේ මට ඇතිවූ හැඟීම් මට විස්තර කල නොහැක. තව දුරටත් පිරික්සීමේදී මට සොයා ගැනීමට හැකිවූවේ මෙය සිටගෙන සිටින ඉරියව්වෙන් ඇති, මනා මිණුම් වලට සහ ආකෘතියකට අනුව, මා සිතන පරිදි නිතර හමු නොවන ආකාරයේ, සිය අත් සුන්දර ලෙස පපුව හරහා තබා ගත්, සිවුර සිය වම් අත මතින් වැක්කෙරෙන ලෙස තැනූ බුද්ධ රූපයක් බවය. "/

      Thanks Pra...

      Delete
  7. දුක හිතෙන කතාවක්

    ReplyDelete
    Replies
    1. Prasanna,

      බොහොමත්ම ප්‍රසන්න... බොහොමත්ම දුක හිතෙන කතාවක්...

      Delete
  8. මේ වීඩියෝ එක මම මුළින්ම දැකපු වෙලාවේ ලස්සන ඉදිරි රූප රාමුවක් සහ මාතෘකාවක් දැක්ක නිසා ප්ලේ කරලා බැලුවා. ඒ මීට මාස දෙකකට විතර කළින්. රූප රාමුවල ලස්සනට, එතැනින් දිග ඇරෙන කතන්දරේ තේරුම්ගන්න ඕන වෙච්ච නිසා වචනවලට ඒ තරම් අවධානයක් යොමු කළේ නැහැ. වීඩියෝ එකේ මුළ හරියෙදි මට හිතුණේ මිය ගිය අම්මා කෙනෙක් වෙනුවෙන් පිංකමක් කරනා තාත්තෙක් සහ පුංචි පුතෙක් ගැන කතාවක් කියලා. ඒක මට බොහොම සමීප අත්දැකීමක්, අයියා දන්නවනේ. ඒත් අන්තිමට තමයි තේරුණේ දෙයියනේ මේ මොකක් ගැනද කිව්වෙ කියලා. අඬ අඬ එහෙමම වීඩියෝ එක වහලා දැම්මා. ඊට පස්සේ දවසක කියවන්න ලැබුණා ඒ ගීතයට පසුබිම් වෙච්ච මේ සත්‍ය කතාව. එදාත් මම ආපහු හොඳටම ඇඬුවා. අයියගේ මේ සටහන අද කියෙව්වේ මගේ චූටි පුතාව ඔඩොක්කුවේ තියාගෙන. එයා තමයි මට මේක කියවන්න ස්ක්‍රීන් එක පල්ලෙහාට ස්ක්‍රොල් කරලා දුන්නේ. බබාව ළඟ තියාගෙන මම ඇඬුවේ නෑ. සමහරවිට මේ ඔක්කොම කළින් දැනගෙන හිටියෙ නැත්තම් මට එහෙම හිත හයිය කරගෙන ඉන්න බැරි වෙන්න තිබුණා. වීඩියෝ එකනම් ආයෙ බැලුවෙ නෑ, ඒක බලන්න බෑ මට. ඒ චූටි පුතා බෝසත් දරුවෙක්. ඒ අම්මා තාත්තා පිංවන්ත අම්මා තාත්තා දෙන්නෙක්. ඒවුණත් කාටවත් ඒ වගේ දුකක් දැනෙන්න එපා කියලයි මම පතන්නේ.

    නන්දා මාලිනියගේ මේ ගීතය ගැන මම කළින් අහලා තිබ්බේ නෑ. ඒකට ස්තූතියි අයියාට.

    ReplyDelete
    Replies
    1. සිත්තමී,

      ඔව් අනේ...කිසිම කෙනෙකුට එවන් දුකක් නොවේවා කියලයි මමත් ප්‍රාර්ථනා කරන්නෙ....

      එහෙම තත්වයකට පත්වුනු අම්මා සහ තාත්තා කොහොම ඉවසන් ඉන්නවද කියන එකයි මට හිතා ගන්න බැරි..

      බොහෝවිට ඒ දෙන්නත් නියම බෞද්ධාගමිකයො වෙන්න ඇති...සසර කියන්නෙ දුකක් ඇලීම් බැඳීම් කියන්නෙ දුකක් ඒ වගේම අපේ ළබැඳියන්ගෙ වගේම අපේ ඉරණම පිලිබඳවත් අපිට කිසිම පාලනයක් නැහැ දෛවයෙන් නියම වෙලා තියන විදිහට හැම දෙයක්ම වෙනව කියන සත්‍යය තේරුම් අරගෙන උපේක්ෂා සහගතව අජීවිතේට මුහුණ දෙනව වෙන්න පුලුවන්...

      Delete
  9. තිසර මේ සින්දුව එවලා තියෙන්නේ රවී අයියා ගැන හොඳට දැනගෙන වගේ. මමත් මේ සින්දුව දැක්කේ අහම්බෙන්. ඒත් ඒකෙන් කියවෙන දේ හරියටම දැනුනම මාව නොසිතූ තරම් සසල වුණා. සින්දුව බලද්දිත්, පස්සේ දවසක පසුබිම් කතාව කියවද්දීත් මට කඳුළු නවත්තාගන්න බැරි වුණා. සමහරවිට ඒකට තව හේතුවක් වෙන්න ඇති මගේ සමීපතම මිතුරියකගේ දරුවෙක් ළඟදී නැතිවුණු එක.ඒ මරණයත්, ඒ මරණය ජීවත්ව ඉන්න අයට බලපාපු විදිහත් දැකලා මාවත් වෙනස් වුණා. ජීවිතය දකින perspective එක වෙනස් වුණා වගේ දෙයක්.මේ සින්දුවේ පද, තනුව, ගායනය වගේම බොහොම නිර්මාණශීලීව හදපු රූප රාමු පෙළ අගය කරන්න ඕන. මේ සටහනටත් ස්තූතියි. සින්දුව අහලා නොතිබුණු අය මේකෙන් ඒක අහාවි.

    අනුන්ගේ දුක තදින් දැනෙන එක එක්තරා විදිහක කරුමයක් කියලා මට වෙලාවකට හිතෙනවා. ඒත් එහෙම නොදැනෙන එක ඊටත් වඩා කරුමයක් කියලාත් ඒ වෙලාවට හිතෙනවා

    ReplyDelete
    Replies
    1. මලී,

      ඔබ හරි..මේවගෙ අත්දැකීමක් තමන්ටම ලැබෙන්න ඕන නෑ..තමන්ගෙ ළඟම හිතවතෙකුට ඥාතියෙකුට මෙහෙම දෙයක් උනත් ඒක තමන්ටත් දැඩිව බලපානව.සමහරවිට ජීවිතේම වෙනස් වෙන්නත් පුලුවන්.අපි මේ වද වෙන්නෙ බදාගෙන දඟලන්නෙ කිසිම වැදගැම්මකට නැති නිස්සාර දේවල් නේද කියල හිතෙන්න පුලුවන් බොහෝවිට...

      /අනුන්ගේ දුක තදින් දැනෙන එක එක්තරා විදිහක කරුමයක් කියලා මට වෙලාවකට හිතෙනවා. ඒත් එහෙම නොදැනෙන එක ඊටත් වඩා කරුමයක් කියලාත් ඒ වෙලාවට හිතෙනවා /

      Can't agree with you more..

      "The only thing worse than feeling too much for sufferings of others is not having such feelings at all"

      Delete
  10. සංවේදී කතාවක් රවී අයියේ..

    ReplyDelete
    Replies
    1. Pathum,

      ඔව් බං හද සසල කරන කතාවක්...

      Delete
  11. දුන් තරමට තමයි ලැබෙන්නෙ. නෑ ඒක බොරුවක්. දුන් තරමට තමයි අත් ඇරෙන්නෙ. එතකොට පණ කෙන්දත් අතෑරල දාන එක හරි ලේසියි.

    ReplyDelete
    Replies
    1. සුරංග,

      හරි බං..තෘෂ්ණාව දුරුකිරීම තමයි සැනසුමට මුල....

      Delete
  12. කොමෙන්ට් නෑ.. ඊස් ඇට් පරදුක්ඛ දුක්ඛිත මුද්‍රාවට සම වැදෙමින්.. :/

    ReplyDelete
  13. කතාවේ මුල ටික කියවගෙන යද්දිම සසරෙන් ආ මිතුරා මතක් වුණා.ගීතයට මුල් වුණු ඒ සිදුවීම ගැන දැනගෙන හිටියේ නෑ.ඒ වෙනුවෙන් මුලින්ම රවී මාමට ස්තූති.

    සටහන ගැන කියනවා නම් කවදත් වගේ කතා කරන වචන!!

    ReplyDelete
  14. ආගම් කියන්නේ බොරුවක් රවි , ඕනෙවට වඩා සංවේදී වෙන්න එපා ....

    ReplyDelete
  15. Mn me post eka kalinma kiyeuwa, eth comment kale na, eth ada ayet kiyawala thma comment krna hithuwe, me ha samana siduveemka asanna athdekeemk math labuwa nsa mn me post eka aye aye kywanna pelambenawa,

    ReplyDelete
  16. Ravi, I’m in train, can’t stop my eyes wet. Thank you so much for you and Thisara

    ReplyDelete

මගේ සිතුවිලි ගැන ඔබේ සිතුවිලි

LinkWithin

Related Posts Plugin for WordPress, Blogger...